රජයේ වාහන පාවිච්චියත් සීමා කෙරේ

සියලුම රාජ්‍ය ආයතනවල සංචිත වාහන භාවිත කිරීමේ දී අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් භාවිත කරන ලෙසට භාණ්ඩාගාර ලේකම්වරයා සියලුම ප්‍රධානීන්ට දැනුම් දී තිබෙනවා.

එමෙන්ම මාර්ගගත ක්‍රමවේදයන් ඔස්සේ හැකිතාක් රැස්වීම් සහ සම්මන්ත්‍රණ පැවැත්වීමට කයුතු කරන ලෙසත් දැනුම් දී ඇති බව සඳහන්.

ප්‍රවාහන අවශ්‍යතා පැනනැගීම සීමා කිරීමේ අරමුණ ඇතිව මෙම තීරණයන් ගෙන තිබෙනවා.

මේ අතර කලාප, ප්‍රාදේශීය, උප කාර්යාල මඟින් ආවරණය කළ හැකි රාජකාරි සහ සේවා අවශ්‍යතා වෙනුවෙන් රේඛීය අමාත්‍යංශය විසින් ප්‍රවාහන පහසුකම් සඳහා වියදම් දැරීම අවම කරන ලෙසට ද දැනුම් දී ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
0
හරි හිනා !
1
හම්මෝ !
1
මාර දුකයි !
1
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?