Indian Premier League

රංගන ශිල්පී දර්ශන් ධර්මරාජ් අභාවප්‍රාප්ත වෙයි

ජනප්‍රිය රංගන ශිල්පී දර්ශන් ධර්මරාජ් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඔහු 41 හැවිරිදි වියේ පසු වුණා.

හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් අද (02) අලුයම ඔහු රෝහල් ගතකර ඇති අතර එහිදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

රක්වාන ප්‍රදේශයේ උපත ලද ඔහු ශාන්ත ජෝන් දෙමළ විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරුවා.

සිඩ්නි චන්ද්‍රසේකරගේ ඒ-නයින් ටෙලි නාට්‍යය හරහා දර්ශන් ධර්මරාජ් මුල්වරට රූපවාහිනියට පිවිසි අතර, අශෝක හඳගමගේ “ඉනි අවන්” චිත්‍රපටයේ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු ලෙස කළ රංගනය වෙනුවෙන් වෙනුවෙන් මෙරට චිත්‍රපට උළෙල කිහිපයකදී හොඳම නළුවා සම්මානයෙන් ද ඔහු පිදුම් ලැබුවා.

2008 වසරේ දී ප්‍රභාකරන් චිත්‍රපටයෙන් සිය සිනමා දිවිය ඇරඹු ධර්මරාජ් මචං,ඉනි අවන්, මාතා, ස්පන්දන, ආලෝකෝ උදපාදි, සුනාමි, දැවෙන විහඟුන්, සුපර්ණා වැනි ජනප්‍රිය චිත්‍රපට සඳහා සිය රංගන දායකත්වය ලබා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?