යොහානි ද සිල්වාට තවත් සම්මානයක්

සංස්කෘතික ප්‍රවර්ධනයේ විශිෂ්ට ජයග්‍රහණ වෙනුවෙන් වූ සම්මානය ජනප්‍රිය ගායිකා යොහානි ද සිල්වාට පිරිනමා තිබේ.

ඉන්දීය ජාත්‍යන්තර චිත්‍රපට සංචාරක සමුළුව මගින් පසුගිය 13 වැනිදා මෙම සම්මානය පිරිනමා ඇත.

මෙවැනි ගෞරවනීය සම්මානයක් ලැබීම ගැන තමාට මහත් ගෞරවයක් ඇති බවත්, තමාගේ ගීත හරහා එවැනි බලපෑමක් ඇති කරන බව දැන ගැනීම සතුටක් බවත් යොහානි ප්‍රකාශ කර තිබේ. ‘මැණිකේ මගේ හිතේ’ ගීතයේ හින්දි ගීතයද මේ දිනවල ඉන්දියාව මෙන්ම ලොව පුරා බෙහෙවින් ජනප්‍රිය වී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?