යුධ හමුදා සෙබළෙකු පොලීස් අත්අඩංගුවට

පුද්ගලයින් දෙදෙනෙකුට පහර දී බරපතල තුවාල සිදු කර යතුරු පැදි දෙකකටද හානි සිදු කර රන් භාණ්ඩ කොල්ල කෑ බව කියන යුධ හමුදා සෙබළෙකුව ආණමඩුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ

පසුගිය 17 වැනිදා ආණමඩුව සංගට්ටිකුලම ප්‍රදේශයේදී මෙම ගැටුම සිදුවී ඇත. පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ආණමඩුව – සංගට්ටිකුලම පදිංචිකරුවෙකු වන (අවු:36) නම් වූ අයෙකි.සැකකරු මාතලේ – නාවුල පිහිටි පළමු වන විශේෂ බලකායට අනියුක්තව සේවය කරන සෙබළෙකු බවට හදුනා ගෙන ඇත.

සැකකරු විසින් පුද්ගලයින් දෙදෙනෙකුට පහර දී ඔවුන් සතුව තිබූ යතුරු පැදි දෙකකට පහර දී අලාභ හානි සිදු කර රුපියල් 2,40,000 ක් වටිනා රන් ආභරණ කොල්ලකා ඇති බවට පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇත.පවුල් ආරවුලක් දුර දිග යාම මෙම සිද්ධියට හේතුව බවද පොලීසිය කියයි.
පහර කෑමට ලක්ව ඇති දෙදෙනා ප්‍රතිකාර සදහා ආණමඩුව දිසා රෝහලට ඇතුළත් කර ඇත.
ආණමඩුව පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?