යුදහමුදා කඳවුරක සෙබලෙකු වෙඩිතබාගෙන දිවි නසාගනී

යාපනය නාවට්කුලි යුදහමුදා කඳවුරේ සෙබලෙකු (22) උදෑසන සිය රාජකාරී ගිනිඅවියෙන් වෙඩිතබාගෙන සියදිවි හානිකරගෙන ඇතැයි චාවකච්චේරි පොලීසියි පවසයි.

මෙලෙස සියදිවි හානි කොට ගෙන ඇත්තේ නාවට්කුලි යුද හමුදා කඳවුරේ 12 වන ගැමුනු හේවා බලකායට අනුයුක්ත කොට සිටි සෙබලෙකු වන බවටද යුදහමුදා පොලීසිය දැනුම් දී ඇත.

මිය ගිය යුද හමුදා සෙබලා මාතර ඌරුබොක්ක ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන අතර ඔහු ඊයේ රාත්‍රියේ මුර සේවය සඳහා ගොස් අද අලුයම් කාලයේදී මුරකුටියේදී සිය රාජකාරී ගිනිඅවියෙන්ම වෙඩිතබාගෙන සිය දිවි හානිකරගෙන ඇතැයි මූලික පරික්ෂණ වලදී හෙලි වී ඇත.

මිය ගිය යුද හමුදා සෙබලා වෙඩිතබාගැනීමට හේතුව මෙතෙක් අනාවරනය වී නොමැති අතර පෞද්ගලික හේතුවක් විය හැකි බවට සැක පල කරන්නේයැයි පරික්ෂණ සිදුකරන චාවකච්චේරි පොලීසිය සහ යුදහමුදා පොලීසිය වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?