Empty Ad
AFC Banner
Empty Ad

යුගදනවී පෙත්සම් විභාගය කල් යයි

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් අමෙරිකානු සමාගමකට පැවරීමට ගෙන තිබෙන තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම් විභාගය 12 වනදා දක්වා කල්දමා තිබෙනවා. පෙත්සම් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තුන් වන දිනටත් විභාග කෙරුණා.

අදාළ පෙත්සම් විභාගය අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ සහ එල්.ටී.බී දෙහිදෙණිය යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ එම විභාගය පැවැත්වුණා.

අද දින පෙත්සම් සලකා බැලීම ආරම්භ වූ අවස්ථාවේදී එම පෙත්සම්වලට පක්ෂව දිවුරුම් පෙත්සම් ඉදිරිපත් කර තිබෙන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, සහ වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා කරුණු ඉදිරිපත් කිරීම සිදුකළේ.

එම අමාත්‍යවරු තුන්දෙනා විසින් ඉදිරිපත් කළ දිවුරුම් පෙත්සම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බවට නීතිපතිවරයා ඉකුත්දා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විරෝධතාවක් මතු කර තිබුණා.

පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් හා කාදිනල් අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන්, සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුනිල් හඳුන්නෙත්ති සහ වසන්ත සමරසිංහ, වෘත්තීය සමිති ඇතුළු පාර්ශව විසින් අදාළ පෙත්සම් ඉදිරිපත් කර සිටියා.

එම පෙත්සම් වල වගඋත්තරකරුවන් ලෙස මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්, යුගදනවි බලාගාරය හිමි වෙස්ට් කොස්ට් පවර් ප්‍රයිවට් ලිමිටඩ්, එම සමාගමේ කොටස් පවරනු ලැබූ අමෙරිකානු සමාගම වන නිව් ෆෝට්රස් එනර්ජි සමාගම, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 ලංකාවට එන ක්‍රිකට් වසන්තය මෙන්න
08:03
Video thumbnail
රාමසාන් ඉෆ්තාර් උත්සවය මාර්තු මස 27වන බ්‍රහස්පතින්දා පැවැත්වේ
00:26
Video thumbnail
PRAHARAYA|තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහභාගී වන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:29:34
Video thumbnail
රටක ඇමති කෙනෙක් වෙන්න සුදුසුකමක් තියෙන්න ඕන
10:23
Video thumbnail
අපි මේ මාස ටිකට කරපු දේවල් ඔයාලට හිතා ගන්නවත් බෑ - ඇමතිලා පොලේ යනවා දැකලම නැත්ද නාමල්
08:04
Video thumbnail
තරුණ කටයුතු ඇමතිට විහිළු කළාට ඇමති දීපු උත්තරේ
04:41
Video thumbnail
පිටසක්වල ජීවින් එනවා කියන බඩු නේ මේ - සජබේ නයනක දෙනවා දීමක් ඇප නැති වෙන්න
18:06
Video thumbnail
චන්දන සූරියබණ්ඩාර සුපිරි කතාවක් කරයි
03:19
Video thumbnail
ලොකු හාමුදුරුවෝ ඝා#නය කරයි - සංවේදී දර්ශන ඇති බව සලකන්න
03:03
Video thumbnail
කොන්ද පණ නැති ආණ්ඩුවක් මේ ආණ්ඩුව - හාමුදුරුවෝ මාධ්‍ය හමුවේ ආණ්ඩුවට දෙසයි
12:43

?