යුක්‍රේන යුද්ධය ආරම්භ වී වසරක් – විද්වත් සංවාදය

යුක්‍රේන යුද්ධය ආරම්භ වී වසරක් ගතවීම පසුබිම් කර ගනිමින් South South Research Initiative ආයතනය සංවිධානය කළ විද්වත් සංවාදයක් ශ්‍රී ලංකා පුවත්පත් ආයතන ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණා.

“යුක්‍රේන යුද්ධයට අවුරුද්දයි – දකුණු ආසියාව හමුවේ ඇති අභියෝග” යන්න එහි තේමාවයි.

සංවාදය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය ප්‍රියංග දුනුසිංහ සහ කොළඹ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා අධ්‍යයන අංශයේ ආචාර්ය පවිත්‍රා ජයවර්ධන සහභාගී වුණා.

යුක්‍රේන යුද්ධය භූ දේශපාලනිකව සහ ආර්ථිකමය වශයෙන් දකුණු ආසියානු කලාපයට එල්ල කරන බලපෑම් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණා.

නීතිවේදී නයන තරංග ගමගේ මෙම සාකච්ඡාව මෙහෙයවූවා.

කොළඹ පදනම් කරගත් ස්වාධීන පර්‍යේෂණ චින්තන පර්ශදයක් වන South-South Research Initiative ආයතනය සමාජ, ආර්ථික, දේශපාලන, භූ දේශපාලන සහ නීතිය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක පර්‍යේෂණවල නිරත වන්නකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?