Empty Ad
AFC Banner
Empty Ad

යුක්‍රේනයට සතර දෙසින් යුද ආධාර

යුක්‍රේනයට ඩොලර් මිලියන 350 ක යුද ආධාර ලබාදෙන ලෙස අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබේ.

රුසියානු ආක්‍රමණයකට මුහුණදී සිටින යුක්‍රේනයේ ආරක්ෂාව උදෙසා එම ආධාර ලබාදෙන බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශකර ඇත. 

මේ අතර යුක්‍රේනයට යුද උපකරණ සහ ඉන්ධන ලබාදීමට ප්‍රංශය සහ ජර්මනිය ඊයේ (26) තීරණය කර තිබේ.

ජර්මනිය විසින් සිය භයානක ආයුධ හුවමාරු කිරීමේ තීරණය ද ඉවත දමමින් යුක්‍රේනය වෙත යුද ටැංකි නාශක අවි 1,000ක් භුමියේ සිට ගුවනට ප්‍රහාර එල්ල කිරීමට හැකි මිසයිල 500ක් ලබාදීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

ප්‍රංශය විසින් යුක්‍රේනයට ලබාදීමට යන ආයුධ සම්බන්ධයෙන් මෙතෙක් පැහැදිලි කිරීමක් සිදුකර නොමැති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
31
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?