යාපනය මුහුදේ මුහුදු කූඩැල්ලන් ඇල්ලූ ධීවරයින් 17 ක් අත්අඩංගුවට(ඡායාරූප)

යාපනය නගර්කොවිල් සහ කුඩරිප්පු මුහුදු ප්‍රදේශයන්හි නීතිවිරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ ධීවරයින් 17 දෙනෙකු සහ යාත්‍රා 06 ක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

උතුරු නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් ඊයේ (04) නගර් කෝවිල් මුහුදු සීමාවේදී සිදුකළ සෝදිසියකදී ඩිංගි යාත්‍රා 04 කින් මසුන් මැරූ ධීවරයින් 12 දෙනෙකු නිරීක්ෂණය කර තිබුණා.

ඔවුන් බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී දැල් ආම්පන්න යොදාගනිමින් මසුන් මරා ඇති අතර මුහුදු කූඩැල්ලන් 1305 ක් සන්තකයේ තිබී සොයා ගැනුණා.

මේ අතර එදිනම නාවික හමුදාව පිරිසක් විසින් කුඩරිප්පු මුහුදු ප්‍රදේශයේ සිදුකරන ලද තවත් සෝදිසියකදී ඩිංගි යාත්‍රා දෙකකින් මසුන් මැරූ ධීවරයින් 05 දෙනෙකු මුහුදු කූඩැල්ලන් 1700 ක් සමග අත්අඩංගුවට ගනු ලැබුවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනයේ සහ මන්නාරම ප්‍රදේශයන්හි පදිංචි කරුවන් වන අතර ඔවුන් මුහුදු කූඩැල්ලන් හා ධීවර යාත්‍රාද සමග යාපනය සහ තාලයඩි ධීවර පරික්ෂක කාර්යාලයට භාර දීමට නාවික හමුදාව කටයුතු කර තිබුණා.

10 1
9 1
6 1
5 1 1
6 1 1
2 1 1
5 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?