spot_imgspot_img

යාපනයේ ව්‍යාපාරිකයෙකුගේ පුතාගේ මළ සිරුර නිවසක් තුළ

යාපනය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ පුත්‍රයෙකුගේ මළ සිරුරක් ව්‍යාපාරිකයාට අයත් නිවසක තිබී ඊයේ (21) පස්වරුවේ සොයාගෙන තිබෙනවා.

යාපනය, කොට්ටටි ප්‍රදේශයේ පිහිටි නිවසක් තුළින් මෙලෙස සොයාගෙන ඇත්තේ 32 හැවිරිදි තරුණයෙකුගේ මළ සිරුරක්.

පොලිසිය පැවසූවේ මියගිය පුද්ගලයාගේ මළ සිරුර සම්බන්ධයෙන්වන මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව, මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා යාපනය රෝහල වෙත යොමුකළ බවයි.

මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි පොලිසිය සඳහන් කළේ.

කෙසේ වෙතත් ප්‍රදේශවාසීන් පැවසූවේ අයිස් මත්ද්‍රව්‍ය අධික ලෙස භාවිත කිරීම හේතුවෙන් මෙම තරුණයාගේ මරණය සිදුව ඇති බවට ආරංචියක් පවතින බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
1
+1
1
+1
1
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?