යතුරුපැදි සොරකමේ ගිය දෙදෙනෙක් අත්අඩංගුවට

පෙරේදා (21) පිළියන්දල පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් රාජකාරියේ යෙදී සිටියදී සැකකටයුතු යතුරුපැදියක් නවත්වා පරික්ෂා කිරීමට යාමේදී එය නොනවත්වා ධාවනය කර තිබෙනවා.

පොලිස් නිලධාරින් විසින් ලුහුබැඳ ගොස් එය නතර ගත් මෙහොතේ යතුරුපැදියේ සිටි අය පිහියක් පෙන්වා පොලිස් නිලධාරින්ට පහර දීමට උත්සාහ කර තිබෙන බව පොලිසිය වාර්තා කළා.

මෙම සැකකරුවන් සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී ඔවුන් පදවාගෙන ආ යතුරුපැදිය බණ්ඩාරගම පොලිස් වසමෙන් සොරකම් කරන ලද යතුරුපැදියක් බවත් සැකකරුවන් විසින් පිළියන්දල පොලිස් වසමේදි ත්‍රීරෝද රථයක් සොරකම් කර එහි බැටරිය සොරකම් කිරීමේ අපරාධයකටද සම්බන්ධ බවත් අනාවරණය වූ බව පොලිසිය පැවසුවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 33 හා 38 ක් වියැති මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

සැකකරුවන් (23) අද දින කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර පිළියන්දල පොලිසිය වැඩිදුර විමර්ශණ සිදුකරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
1

සතියේ පලවූ මෙවැනිම පුවත්

spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?