යතුරුපැදි අනතුරකින් 15 හැවිරිදි පිරිමි ළමයෙකු ජීවිතක්ෂයට

පාලුඩවල අතරගල්ල මාර්ගයේ සිදු වූ යතුරුපැදි අනතුරකින් 15 හැවිරිදි පිරිමි ළමයෙකු මියගොස් තිබෙනවා.

ඔහු තවත් දෙදෙනෙකු සමග යතුරුපැදියක් පදවා ගෙන යමින් සිටියදී එය ඇල මාර්ගයකට පෙරළිමෙනුයි ඊයේ අලුයම මෙම අනතුර සිදුවී තිබුණේ.

මෙම පිරිමි ළමයාට යතුරුපැදිය පාලනය කර ගැනීමට නොහැකිව අතරගල්ල වැවේ සිට පාලුකඩවල වැවට ජලය ගෙන යන පේමිණි ඇළට පෙරලීමෙන් අනතුර සිදුවී තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු සහ පසුපැදිකරුවන් දෙදෙනා ගල්ගමුව රෝහලට ඇතුලත් කිරීමේදීයි යතුරුපැදිය පැදවූ පිරිමි ළමයා මියගොස් ඇත්තේ.

ඔහු ගල්ගමුව මකුලෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අවුරුදු 15 සහ 17 වයස්වල පසුවන මෙම පිරිමි ළමයින් තුන්දෙනා සල්පිලක් නැරඹීමට අතරගල්ලට ගොස් එන අතරමගදීයි යතුරුපැදිය පේමිණි ඇලට පෙරලී ඇත්තේ.

මියගිය සිසුවාගේ මව සහ පියා නොමැති අතර මිත්තණිය සමග ජීවත් වී ඇති බවට අනාවරණ වී තිබෙනවා.

මියගිය පිරිමි ළමයා දිඹුලාගල මහා විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙක් බව සඳහන්.

ඔවුන් ඇලට වැටී දියේ ගිලෙමින් සිටින ආකාරය දුටු ප්‍රදේශවාසීන් මෙම සිසුන් බේරාගෙන රෝහල් ගතකර තිබුණා.

මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු ඥාතීන්ට භාරදී ඇති අතර ගල්ගමුව පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
2
හම්මෝ !
1
මාර දුකයි !
3
මලපනිනව !
0
කුජීතයි !
2
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?