යතුරුපැදි අනතුරකින් තරුණයන් දෙදෙනෙකු මරුට

අම්බලන්තොට රිදියගම ප්‍රදේශයේදී සිදුවූ යතුරුපැදි අනතුරකින් තරුණයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ සවස මෙම අනතුර සිදුවී ඇත්තේ අම්බලන්තොට රිදියගම මාර්ගයේ ධීවර ගම්මානයට හැරෙන හන්දිය ආසන්නයේදීයි.

රිදියගම දෙසට ධාවනය වූ යතුරුපැදිය පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරලීමෙන් අනතුර සිදුව තිබෙනවා.

එම අවස්ථාවේ යතුරුපැදියේ තුන් දෙනෙකු ගමන් කර ඇති අතර එක් තරුණයෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

තවත් අයෙකු හම්බන්තොට රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා.

මියගොස් ඇත්තේ රුහුණු රිදියගම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 21 සහ 25 වයස්වල පසුවන දෙදෙනෙක්.

අනතුරට හේතුව අධික වේගය බවට පොලිසිය පවසන අතර යතුරුපැදියේ පසුපස ගමන් කළ දෙදෙනා ආරක්ෂිත හිස් ආවරණ පැළඳ නොසිටි බව ද අනාවරණ වී තිබෙනවා.

යතුරුපැදිය පැදවූ තරුණයා ද තුවාල ලබා හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවනවා.

මියගිය තරුණයන් දෙදෙනාගේ සිරුරු හම්බන්තොට රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අම්බලන්තොට පොලිසිය පරීක්ෂණ සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
4
හම්මෝ !
0
මාර දුකයි !
8
මලපනිනව !
0
කුජීතයි !
1
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?