යතුරුපැදියක් සොරාගත් සැකකරුවන් දෙදෙනෙකු හිස් වැසුම් නොමැතිව පොලිසිය ඉදිරිපිටින් යයි

නාවලපිටිය නගර මධ්‍යයේ පිහිටි පෞද්ගලික මුල්‍ය ආයතනයක පිටුපස ගාල් කර තිබු යතුරුපැදියක් කිසියම් පිරිසක් විසින් (19) දින සොරාගෙන ගොස් ඇති බවට පොලිසියට පැමිණිල්ලක් ලැබි ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය.

යතුරුපැදිය ගාල් කර තිබු ස්ථානයට පැමිණි සැකකරුවන් දෙදෙනෙකු යතුරුපැදියේ ස්විචයේ වයර් කපා හිස් වැසුම්ද පලදින්නේ නොමැතිව පොලිසිය ඉදිරිපිටින්ම යතුරුපැදිය ගම්පොල දෙසට ධාවනය කර ඇත.

රු ලක්ෂ 4 ක් පමණ වටිනා යතුරුපැදිය සොරාගෙන ගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට නාවලපිටිය නගරයේ සවි කර ඇති ආරක්ෂිත දර්ශන ඔස්සේ සැකකරුවන් හදුනාගෙන ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනිම සදහා නාවලපිටිය පොලිසිය මෙහෙයුමක් දියත් කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?