Empty Ad
AFC Banner
AFC Banner

යතුරුපැදියක් සුඛෝපභෝගී බසයක ගැටී තරුණයෙක් ජීවිතක්ෂයට

යතුරුපැදියක් අධි සුඛෝපභෝගී පුද්ගලික බස් රථයක ගැටීමෙන් සිදු වූ අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම අනතුරින් තවත් තරුණයෙක් බරපතළ තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පුත්තලම – අනුරාධපුර මාර්ගයේ සිරම්බිඅඩිය ප්‍රදේශයේ දී ඊයේ (06) පස්වරුවේ මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් මියගොස් ඇත්තේ කරුවගලස්වැව, කුඩාමැදවච්චිය ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 21ක තරුණයෙක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

බස් රථය සහ යතුරුපැදිය අනුරාධපුර දෙස සිට පුත්තලම දෙසට ධාවනය වෙමින් තිබී ඇති අතර, බස් රථයට ඉදිරියෙන් ධාවනය වූ යතුරුපැදිය ආපසු හැරී ධාවනය කිරීමට සූදානම් වන අවස්ථාවේ දී බස් රථයේ ඉදිරිපස ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ තරුණයින් දෙදෙනාම ප්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, එහි ප්‍රතිකාර ලබමින් සිටිය දී යතුරුපැදියේ පිටුපස ගමන් ගත් තරුණයා මෙලෙස මියගොස් ඇති බවයි වාර්තා වුණේ.

බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, අනතුර සම්බන්ධයෙන් පුත්තලම පොලිසිය වැඩිදුර පරීක්ෂක පවත් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
8
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?