යතුරපැදියේ ඉන්ධන ටැංකිය උඩ අවසන් ගමන් ගිය පුංචි දරුවා

යතුරු පැදියක ඉන්ධන ටැංකියේ මුහුඩිය ඉවත්කොට පෙට්ට්‍රල් වල ගඳ සුවද බැලීමට ගිය වයස අවුරුදු 7ක දරුවෙකු මිය යෑමේ පුවතක් දඹුල්ල පොලිස් බල ප්‍රදේශයේ, වැලමිටියාව ප්‍රදේශයෙන් ඊයේ පස්වරුවේ වාර්තා වනවා.

මෙසේ අවාසනාවන්ත අන්දමට මියගොස් ඇත්තේ දඹුල්ල වැලමිටියාව ප්‍රාථමික විදුහලේ දෙවැනි වසරේ ඉගෙනුම ලැබූ සජිත් කුමාර මුණසිංහ 7 හැවිරිදි දරුවෙකු බව පොලීසිය සඳහන් කළේ.

මෙම දරුවා ඊයේ පස්වරුවේ තම මිත්තනියගේ නිවසට පැමිණ  නිවස ඉදිරිපිට නවතා තිබූ ඥාතියෙකුට අයත් යතුරුපැදියක් මතට නැග එහි පියන ඉවත් කොට පෙට්ට්‍රල් වල ගද සුවඳ අග්‍රාණය කිරීමට යද්දී මෙම අනතුර සිදුවී ඇති බව ඥාතීන් පවසන්නේ.

මියගිය දරුවාගේ පියා වන අජිත් කුමාර මුණසිංහ කියා සිටියේ තමන් සහ බිරිඳ මෙන්ම තවත් කුඩා දරුවෙකු තම ඥාති නිවස ආසන්නයේ පදිංචිව සිටින බවය .කුලී වැඩ කරමින් ජීවත් වන බවත් ඊයේ දින පස්වරුවේ නිවසට පැමිණ සිටි අවස්ථාවේදී  ඥාති අයෙකු මෙම දරුවා යතුරුපැදිය මත සිහිසුන්ව සිටින බව ප්‍රකාශ කිරීමත් සමග එම ස්ථානයට දිව ආ බවයි.

එම  අවස්ථාව වන විටත් තම දරුවා යතුරුපැදිය මතම වැටී සිටි බවද ගලේවෙල රෝහලට අසල්වාසීන්ගේ සහයෝගය ඇතිව රැගෙන යන විට මියගොස් ඇති බවයි ඔහු සඳහන් කලේ.

මෙම සිද්ධිය පළමුවෙන්ම දුටු අසල්වැසි තරුණයෙකු කියා සිටියේ තමන් මෙම නිවසට පැමිණෙන  විට  මියගිය කුඩා දරුවා යතුරුපැදිය උඩ තම මුහුණ මුඛය සහ නහය යතුරුපැදියේ ඉන්ධන ටැංකියට හොවාගෙන සිටිනු දැක එක වැරම ඔහුට කතා කළ ද ඔහු ඊට ප්‍රතිචාර නොදැක්වීම නිසා  ඔහු ඉවත් කිරීමට උත්සාහ කළ බවයි. ඒ වනවිටත් ඔහු සිහිසුන් සිටි බව එම තරුණයා වැඩිදුරටත් සඳහන් කළේ.

වැලමිටියාව ප්‍රාථමික විදුහලේ දෙවැනි වසරේ ඉගෙනුම ලැබූ මෙම දරුවාගේ දේහය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය අද දින දඹුල්ල මූලික රෝහලේ දී පැවැත්වීමට නියමිත බවයි පොලිසිය සඳහන් කලේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලැබෙන ජාත්‍යන්තර ආධාර ආණ්ඩුව හොරකම් කරන්නේ නෑ..ආණ්ඩුව හැම රුපියලක්ම ජනතාවට දෙනවා
02:25
Video thumbnail
අනවශ්‍ය ඉදිකිරීම් නිසා ජනපතිට හොඳටම තරහා ගිහින්.."ජීප් කිහිපයක් යන්න විශාල පාලම් හදලා වැඩක් නෑ"
02:28
Video thumbnail
නිලධාරින්ගේ පටලැවිල්ලක් නිසා ජනපතිගේ සාකච්ඡාව අස්සේ මුළු පිරිසටම හිනායයි..
02:21
Video thumbnail
අනුරාධපුරයට තවමත් වරින් වර වැසි..නාච්චාදූව ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කරයි
00:58
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට චෝදනා..ආපදාවක් වුණොත් රජය මේකට වග කියන්න ඕනි..මේ මගේ ගෙදරක් නෙවෙයි
02:02
Video thumbnail
බිදුණු වැව් අමුණු හදන පිරිසව සංගීතයෙන් පිනවන්න ආ රොඩ්නි ඇතුළු පිරිස..කට්ටිය හරිම සතුටින් නටන හැටි
02:57
Video thumbnail
හොඳට මත්වී ෆන් ගත්ත ෆේස්බුක් සාදයක් වටලයි "මොකක්ද තමුසෙලාගේ Group එකේ නම"
01:09
Video thumbnail
ඇයි මාව දාලා යන්නේ මගේ රත්තරං පුතේ..අනේ මගේ පුතා
00:52
Video thumbnail
ජනතාව ඉස්සරහට හිඟාකන මට්ටමට වැටෙනවා..ජනතාවට උදව් කරන්න ගිය සුජීව ලාල්කාන්තට කිව්ව දේ
04:47
Video thumbnail
මෙන්න අද අහසේ අපූරු දසුනක්..වසරේ දර්ශනීයම උල්කාපාත වර්ෂාව අද මධ්‍යම රාත්‍රියේදී
01:42


?