මදුරාගොඩ පොලිස් වසමේ දොඩම්ගස්ලන්ද ප්‍රදේශයේ නිවසක යකඩ ගේට්ටුවක් ඇග මතට කඩාවැටීමෙන් සිදුවූ අනතුරකින් වයස අවුරුදු 03ක කුඩා දැරියක මියගොස් තිබෙනවා.
අදාළ දැරිය ඇයගේ වයසේ පසුවන තවත් පිරිමි දරුවෙකු සමග නිවස ඉදිරිපිට ඇති ගේට්ටුව අසළ සෙල්ලම් කරමින් සිටියදීයි මෙම අනතුර සිදුව ඇත්තේ.
මෙම දැරිය රීදිගම රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සදහා කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි පොලිසිය සදහන් කළේ. මෘත ශරීරය කුරුණෑගල රෝහලේ මෘත ශරීරාගරයේ තැන්පත් කර ඇති අතර මදුරාගොඩ පොලිසියයි වැඩිදුර විමර්ශන මෙහෙයවන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1