මෝටර් රථයක් යතුරුපැදි දෙකක ගැටී මාලිගාවත්තේ දී මාරක අනතුරක් (ඡායාරූප)

ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර පාසලක මෙහෙයුම් කළමනාකරුවෙකු පැද වූ මෝටර් රථයක් අද (27) අලුයම මාලිගාවත්ත ප්‍රදේශයේ දී යතුරුපැදි දෙකක ගැටී සිදු වූ අනතුරකින් එක් පුද්ගලයෙකු මියගොස් තවත් දෙදෙනෙක් තුවාල ලබා ඇති බව වාර්තා වනවා.

පොලිසිය සඳහන් කළේ තුවාල ලැබූවන් අතර පොලිස් නිලධාරීයෙකු ද සිටින බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි විදුලි කාර්මිකයෙකු ලෙස කටයුතු කළ 52 හැවිරිදි පුද්ගලයෙක්.

තුවාල ලබා ඇත්තේ ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ රථවාහන අංශයට අනුයුක්ත සේවය කළ කොස්තාපල්වරයෙකු සහ මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 26ක පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.

අනතුර සිදුකළ මෝටර් රථ රියදුරු ලෙස කටයුතු කළ මෙහෙයුම් කළමනාකරු පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර මෙහෙයුම් කළමණාකාරවරයා එම ජාත්‍යන්තර පාසලේ පැවති සාදයකට සහභාගි වී මත්පැන් පානය කර මෝටර් රථය ධාවනය කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
3
මලපනිනව !
6
කුජීතයි !
2
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?