මෝටර් රථයක් මිලදීගැනීම සඳහා සහනාධාරයක්

වයසින් අඩු තරුණ තරුණියන් වෙත මෝටර් රථයක් මිලදීගැනීම සඳහා සහනාධාරයක් පිරිනැමීමට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රජයක් තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය මෙම තීරණය ගෙන ඇති අතර සිය ප්‍රාන්තයේ වයස අවුරුදු 25ට අඩු තරුණ තරුණියන් සඳහා මෙම සහනාධාරය ලබාදීමටයි ඔවුන් කටයුතු කරමින් සිටින්නේ.

වයස අවුරුදු 25ට අඩු වසර 16කට වඩා පැරණි මෝටර් රථයක් හිමි සියලුදෙනාට මෙම සහනාධාරය සඳහා අයදුම් කිරීමට අවස්ථාව හිමිවනු ඇති.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය මෙලෙස ප්‍රදානය කිරීමට සැරසෙන මුදල ඩොලර් 5000ක් වන අතර මූලික අදියර යටතේ එම ප්‍රාන්තයේ ග්‍රාමීය ප්‍රදේශවල වයස අවුරුදු 25ට අඩු තරුණ රියදුරන් 1000 ඉලක්ක කර මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.

මාර්ග අනතුරුවලදී රියදුරු ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීම සඳහා නවීන ආරක්ෂක උපකරණවලින් සමන්විත මෝටර් රථ භාවිතයට පෙළඹවීම සඳහා මෙම තීරණය ගත් බව ඔවුන් පෙන්වා දී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
37
අවුල් වගේ !
5
හරි හිනා !
5
හම්මෝ !
2
මාර දුකයි !
7
මලපනිනව !
7
කුජීතයි !
2
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?