මොළය හකුළන භයානක Zika වෛරසය ව්‍යප්ත වෙයි

භයානක Zika වෛරසය ඉන්දියාවේ වැඩි ම ජනගහනයක් වෙසෙන ප්‍රාන්තය වන උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයට ද ව්‍යාප්ත වී තිබේ.‍‍

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, දරුවන් 17 දෙනෙකු ඇතුළු උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ 89 දෙනෙකු සිකා වෛරස් ආසාදිතයින් බවට මේ වන විට තහවුරු වී ඇති බව ය.

මේ වන විට කාන්පූර්හි තත්ත්වය බරපතළ වෙමින් පවතින බවට එම දිස්ත්‍රික්කයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය නේපාල් සිං පවසා තිබේ.

මීට අමතරව, පසුගිය සැප්තැම්බර් මාසයේදී සිකා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 14 දෙනෙකු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් හමු වී තිබිණි.

සිකා වෛරසය ඉන්දියාවෙන් පළමු වරට වාර්තා වූයේ, 2017 වසරේදී ගුජරාට් ප්‍රාන්තයෙනි.

මදුරු විශේෂයක් මාර්ගයෙන් ආසාදනය වන මෙම වෛරසය හේතුවෙන් කුඩා දරුවන්ගේ මොළය ආශ්‍රිත ආබාධ සහ තවත් දුර්ලභ ආබාධ තත්ත්වයන් ඇති බව වෛද්‍ය විශේෂඥයෝ පවසති.

එය ආසාදනය වීමෙන් පසු මොළය හැකිළෙන අතර හිසේ ප්‍රමාණය කුඩා වන බව හඳුනාගෙන ඇත.

මෙම වෛරසය මදුරුවන් මාර්ගයෙන් ආසාදනය වුවත්, ලිංගික සබඳතා හරහා ද එය ආසාදනය විය හැකි බව සොයාගෙන තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සීලරතන හිමි වෛද්‍ය බෙල්ලෙනව හම්බවෙන්න එයි..දිලීත් රටටම කියන්න ඇන්ටිජන් එකට වගකියන්න ඕනේ කවුද කියලා
05:34
Video thumbnail
මුජිබුර්ට රතු කට්ට පනී - මුළු ලංකාවේම කුණු අයින් කරලා නෑ
03:48
Video thumbnail
විමල් ආණ්ඩුව හොඳවයින් අමතයි
08:14
Video thumbnail
ඇප ලැබුණ C.B. එළියට එද්දි උසාවිය ඉදිරියේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
උගන්ඩා කුමාරිහාමි දැන් නාමල් හොඳයිද..? කොට්ටහච්චි නාමල් එකතුවෙලා ජනපතිව එලවීමේ කුමන්ත්‍රණයක්
11:18
Video thumbnail
ඇප ලැබුණ C.B. එළියට එද්දි උසාවිය ඉදිරියේ උණුසුම් තත්ත්වයක්..මිනිස්සු සී.බීට දණග#ලා වදියි
02:07
Video thumbnail
අපේ ආරක්ෂාව තහවුරු කරන්න - මුජිබුර්ගෙන් පැමිණිල්ලක්
05:56
Video thumbnail
මේ දවස්වල ව්‍යාජ නෝට්ටු රට පුරා සැරිසරණවා..?..ළඟ තියා ගත්තොත් බරපතළ වැඩ සමඟ වසර 20ක සිර දඬුවම්
03:44
Video thumbnail
රන්වල බීලද කියලා බලන්න වෙරි හිදෙනකම් හිටියා
08:22
Video thumbnail
වතුකරයේ පාසල් කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ කෙරේ
01:14


?