මොරටුවේ දී පුද්ගලයෙකුගේ දෑත් කැපූ කඩුව සොයාගැනේ (වීඩියෝ)

මොරටුව ප්‍රදේශයේ දී පුද්ගලයෙකුගේ දෑත් කපා දැමූ කඩුව එගොඩඋයන, මෝසස් පාරේ මුහුදේ ගල් අතර තිබිය දී සොයාගෙන තිබෙනවා.

ගල්කිස්ස අපරාධ කොට්ඨාසය විසින් අද (26) පෙරවරුවේ මෙම කඩුව සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරු විසින් කපා දමා රැගෙන ගිය අත්දෙක එම ස්ථානයෙන් මුහුදර විසිකළ බවයි සැකකරු පොලිසිය හමුවේ පවසා ඇත්තේ.

මේ අතර සැකකරුට නවාතැන් දුන් ජනප්‍රිය මාවතේ පදිංචි වයස අවුරුදු 33ක පුද්ගලයෙක් ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් අද (26) මොරටුව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?