“මොරටුවේ ට්‍රේලා” STF අත්අඩංගුවට

“මොරටුවේ ට්‍රේලා” නැමැති පුද්ගලයා හෙරොයින් මත්කුඩු සමඟ අඟුලාන ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු මොරටුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40 ක් පමණ වයසැති අයෙක්.

සැකකරු ඩුබායි රාජ්‍යයේ සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ ගෝලයකු බවයි අනාවරණය වී ඇත්තේ.

සැකකරු සමඟ හෙරොයින් ග්‍රෑම් 9යි මිලිග්‍රෑම් 900ක්, මත්ද්‍රව්‍ය හා ජාවාරමෙන් උපයා ගත් බවට සැක කරන රුපියල් 37,900ක්
පොලිස් භාරයට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකායේ, විශේෂ මෙහෙයුම් අංශයේ නිළධාරීන් ලද තොරතුරකට අනුව මෙහෙයුම ක්‍රියාත්මක කර තිබුණා.

සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අඟුලාන පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?