මෛත්‍රීපාල සිරිසේනගේ බලතල වැඩි කරගැනීමට යෝජනාවක් ?

අද සවස 04ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වීමට නියමිතව තිබෙනවා.

එහිදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට යෝජනාවක් ගෙන ඒමට සුදානමක් පවතින බව දේශපාලන ආරංච් මාර්ග සදහන් කරනවා.

එම යෝජනාව මගින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ධුරයේ බලතල වැඩි කර ගැනීමට සුදානමක් පවතින බවයි වාර්තා වන්නේ.

එමගින් පුද්ගලයන් පත් කිරීම,ඉවත් කිරීම ,තනතුරු ලබාදීම වැනි බලතල ලබා ගැනීමට සුදානම් බවයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන්නේ.

කෙසේ වෙතත් මෙම යෝජනාව ගෙන එම සම්බන්ධයෙන් පක්ෂයේ ජේෂ්ඨ නියෝජිතයින් විරුද්ධ වන බවයි වාර්තා වෙනු ලබන්නේ.

වර්තමාන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මෙම යෝජනාව ගෙන ඒමට සුදානම් වන්නේ හෙට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවත්සරය පැවැත්වීමට නියමිත පසුබිමකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
6
හම්මෝ !
1
මාර දුකයි !
2
මලපනිනව !
2
කුජීතයි !
1
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?