මෙරට හාරලක්ෂ අසූදහසකට රැකියා නෑ

2020 වසරේ මුල් කාර්තුව අවසන් වන විට මෙරට රැකියා විරහිත පුද්ගලයන් සංඛ්‍යාව හාරලක්ෂ අසූදහය ඉක්මවා තිබූ බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

2020 වසරේ රැකියා විරහිත පුද්ගලයන් සංඛ්‍යාව හාරලක්ෂ අසූතුන්දහස් එකසිය හැත්තෑ දෙකක් (483172ක්) වන අතර රැකියා වියුක්ති අනුපාතිකය 5.7%ක් ලෙස වාර්තා වී තිබේ.

2019 වසරේ පළමු කාර්තුවේදී මෙරට රැකියා වියුක්ති අනුපාතිකය 4.7ක් වේ. වසරක කාලසීමාවක් තුළදී මෙරට විරැකියාව 1%කින් ඉහළ ගොස් ඇත. තවද 2018 වසරේ පළමු කාර්තු​වේදී 52.6%ක් ලෙසින් වාර්තා වූ ශ්‍රම බලකාදායකත්ව අනුපාතිකය 2020 වන විට 51%ක් දක්වා අඩුවී තිබේ.

මේ අතරින් පිරිමි පුද්ගලයන් 3.7%ක් හා කාන්තාවන්ගෙන් 9.6%ක් විරැකියාවෙන් පසුවන අතර අපොස උසස් පෙළ සමතුන්ගෙන් 10.1%කට රැකියා නොමැති බවද ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. එසේම අපොස සාමාන්‍ය පෙළට වඩා පහළ අධ්‍යාපන මට්ටමක් සහිත පුද්ගලයන් අතර විරැකියා අනුපාතිකය 3.4ක් ලෙස වාර්තා වේ.

නිර්මාණි තිලකසිරි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ වෙනස කරන්නේ ඒකාධිපති ක්‍රමවේදයකට..විශ්වවිද්‍යාල පනතක් නිසා සජිත් කුපිතවෙයි..
05:37
Video thumbnail
රිය අනතුරු වෙද්දි රන්වල බීමතින් ඉදලා නැද්ද...?..තනතුරු නොසලකා නීතීය දැඩිව ක්‍රියාත්මක කරනවා
08:37
Video thumbnail
දිලිත් ඇතුළු පක්ෂයේ ප්‍රබලයින් ගැටඹේ විහාරස්ථානයට තීන්ත හා උපකරණ තොගයක් පරිත්‍යාග කරයි
11:44
Video thumbnail
ආගම දහම තමයි අපිට ප්‍රධානම දේ..ගංවතුරින් හානි වූ ආගමික ස්ථාන ඉක්මනින්ම පිළිසකර කරලා දෙනවා
04:55
Video thumbnail
අශෝක රංවලගේ අනතුරෙන් පසු රෝහලේ උණුසුම් තත්ත්වයක්
00:26
Video thumbnail
අශෝක රංවලගේ අනතුරෙන් පසු රෝහලේ උණුසුම් තත්ත්වයක්..මුන් අපිට ගේට්ටුවෙන් එන්නවත් දෙන්නෑ යකෝ
02:50
Video thumbnail
හිටපු කථානායක පා.ම. අශෝක රංවල බිහිසුණු රිය අනතුරකට ලක්වෙයි
00:38
Video thumbnail
දැන් මිනිස්සු බේරගන්නවට වඩා ලෝක උරුමය ලොකුවෙලා..කඳුකරයේ තේ වගාව අයින් කරනවා?
12:50
Video thumbnail
හිටපු කථානායක පා.ම. අශෝක රංවල බිහිසුණු රිය අනතුරකට ලක්වෙයි..මෙන්න ඔබ නොදුටු නවතම දර්ශන
06:01
Video thumbnail
ආපදාවෙන් හානියට පත් මහියංගණය රෝහල බලන්න සෞඛ්‍ය නි.ඇමති යයි
01:32


?