මේ වසරේ චන්ද්‍රයාගේ විශාලතම පෙනුම අද (05) දිනයේ දී දැකගැනීමට හැකිවන බව තාරකා විද්‍යාඥ සහ ඉංජිනේරු ගිහාන් වීරසේකර පවසනවා.
චන්ද්‍රයා ඉලිප්සාකාර ආකාරයට ගමන්ගන්නා නිසා පෘතුවියට ආසන්නයෙන් ගමන්කරනා දිනය බැවින් මෙලෙස චන්ද්‍රයා විශාල ලෙස දැකගැනීමට හැකි බවයි ඔහු පවසන්නේ.
සාමාන්‍ය ප්‍රමාණයට වඩා 10%ක පමණ විශාලව අද රාත්‍රියේ චන්ද්‍රයා දිවෙන අතර, වෙනදට වඩා 15% දීප්තිය වැඩිවීමක් චන්ද්‍රයාගේ දකිනට ලැබෙනවා.
වසරකට සුපර් මූන් අවස්ථා කිහිපයක් ඇති නමුත්, අද දිනයේ දී දිස්වනුයේ මෙම වසරේ දිස්වන විශාලතම සුපර් මූන් එක බවයි විද්‍යාඥ සහ ඉංජිනේරු ගිහාන් වීරසේකර වැඩිදුරටත් පැවසුවේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
+1
1
+1
+1
+1
+1






