මෙන්න මේ ප්‍රදේශවල ඔයා ජිවත් වෙනවනම් කොවිඩ්වලින් මැරෙන්නැතිව ජිවත් වෙන්න වරම්

ගස්කොළන් සුලබ පරිසර පද්ධති පවතින ප්‍රදේශවල කොවිඩ්  මරණවල සැලකිය යුතු  අඩුවක් පෙන්නුම් කරන බවට සෞඛ්‍ය අංශ කළ  සමීක්ෂණයකදී තොරතුරු අනාවරණයවී ඇත.

එවැනි පරිසර පද්ධති ආශ්‍රිතව  ඔක්සිජන් සැපයුම ඉතා හොඳින් සිදුවන හෙයින්  එම  තත්වය ඊට ප්‍රමුඛව සහ  ප්‍රබලවම  හේතුවන්නට ඇතැයි  සෞඛ්‍ය විශේෂඥයෝ  විශ්වාසය පළ කරති.

කොවිඩ්  රෝගය වැළඳුණු  බොහෝ දෙනකුට  ඔක්සිජන්  අවශ්‍ය කෙරෙන අතර   එවැනි රෝගීන් බොහෝ දෙනකු පසුගිය කාලයේදී  මියගියේද   ඔක්සිජන්  හිඟතාව  පදනම් කරගෙන බව
සෞඛ්‍ය අංශ පවසයි.

ඔමික්‍රෝන්  පැතිරීමත් සමග  කොවිඩ්  රෝගීන්ගේ සංඛ්‍යාව සියයට 25 කින් පමණද ඔක්සිජන් අවශ්‍ය කෙරෙන රෝගීන් සංඛ්‍යාව සියයට   8 කින් පමණද  ඉහළ ගොස් ඇති බව කොවිඩ්  සම්බන්ධීකාරක  සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය  අන්වර් හම්දානි මහතා පැවැසීය.

මේ අතර එළිමහන් ස්ථානවලට( සංවෘත )  සාපේක්ෂව දොර ජනෙල් වැසුණු කාමර, උත්සවශාලා  වැනි ස්ථානවලින් කොවිඩ් වයිරසය  වේගයෙන් පැතිරෙන බවට සොයා ගෙන ඇතැයි  කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ  ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.

විශේෂයෙන්ම වායු සමීකරණය සහිත ස්ථානවලින් කොවිඩ්  පැතිරීම  වේගයෙන්ම  සිදුවිය හැකි බවත්  හිරු එළිය හොඳින් පතිත වන ස්ථානවල කොවිඩ්  ඇතිවීම සියයට  50කින් පමණ අඩුවන්නේ යැයි  පෙනී ගොස් ඇති බවත්  හෙතෙම වැඩදුරටත්  පෙන්වා දුන්නේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
15
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැති හරිනි ඉදිරිපිටNPP කොළඹ සෙට් එක විපක්ෂයට මීක් නැතිවෙන්නම දීපු දිවුරුම් දීම
12:10
Video thumbnail
කොල්ලො ෆයර් වෙයි - ඇමෙරිකානු තානාපති කාර්යාලය වටලයි
11:08
Video thumbnail
ජනපති සමාව සහ කුමන්ත්‍රණයක සේයාව - දසත කස්තිරම විශේෂ වැඩසටහන - සජීවීව
00:00
Video thumbnail
ආන්දෝලනාත්මක හඬපටයක් එක්ක හෙළිදරව්වක් මාධ්‍ය හමුව අතරතුර එළියට ආපු දේවල්
11:40
Video thumbnail
වෙන්න හිටපු කොළඹ නගරාධිපතිනිය කියන කතාව
01:55
Video thumbnail
සභා පිහිටුවන්න ගිහින් රත්වුණ පඬුවස්නුවර..
01:28
Video thumbnail
කොබෙයිගනේ ප්‍රදේශීය සභාවේ උණුසුම් තත්ත්වයක් - මන්ත්‍රීවරු ගෝරියක්
06:43
Video thumbnail
චීවරයට නිගා කරමින් මුදල් ගැරූ අඹු සැමි යුවළ කොටු - හක්ක පොඩි වෙන්න ග#නවා දැනගනින්
06:27
Video thumbnail
කැලෑගම කුඩු නෝනාට වැඩ වරදි..
02:05
Video thumbnail
දහස් ගණනකගේ දිවි බේරූ සමන්තට මොරටුවෙන් ඇගයීමක්
01:46


?