මෙන්න මේ අයට විදෙස්ගතවීමට අවසර නෑ

රැකියා සඳහා විදෙස් ගතවන කාන්තාවන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ ලියාපදිංචිය ලබා ගැනිමේදි තම බාල වයස්කාර දරුවන්ගේ ආරක්ෂාව සඳහා වු රැකවරණ වැඩපිළිවෙල සලසා ඇති බවට දිවුරුම් ප්‍රකාශයක් මගින් තහවරු කිරිම අනිවාර්ය වේ. මේ පිළිබඳව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් නව චක්‍රලේඛනයක් නිකුත් කර තිබේ. 2022.06.27 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගත් තීරණයක් අනුව මෙම චක්‍රලේඛනය නිකුත් කර ඇත.වයස අවුරුදු 2ට අඩු දරුවන් සිටින මව්වරුන්ට විදේශ රැකියා සඳහා යාමට මෙම නව සංශෝධනය මගින් අවසර ලබා නොදෙන අතර, එවැනි කාන්තාවන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි  ලබාගැනිමටද අවස්ථාව හිමි නොවේ.

රැකියාවක් සඳහා විදේශ ගතවන කාන්තාවන් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබාගැනීමේදී තමන්ට දරුවන් සිටින/නොසිටින බව හෝ වයස අවුරුදු දෙකට වැඩි, අවුරුදු 18ට අඩු අවිවාහක දරුවන් සිටින මව්වරුන් එම දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් හා අධ්‍යාපනය සැලසීම සඳහා ගෙන ඇති පියවර සම්බන්ධ දිව්රුම් ප්‍රකාශය තමා පදිංචි වසමෙහි ග්‍රාම  නිලධාරි ලවා සහතික කර, අදාල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට  ලබාදිය යුතුය.එසේ සම්පුර්ණ කරන ලද ලිපිලේඛන ප්‍රාදේශිය ලේකම්  කාර්යාලයට අනුයුක්ත කර  ඇති සංවර්ධන නිලධාරි (විදේශ රැකියා) වෙතිත් තහවරු කරගත යුතු අතර එම නිලධාරියා විසින් සිදුකරන ලබන විදේශ ගත විම සඳහා නිර්දේශ කිරිම හෝ නිර්දේශ නොකිරිම පිළිබඳ   තොරතුරු  දුරකථන කෙටි පණිවුඩයක් මඟින් (SMS) කාර්යාංශය වෙත තහවුරු කළ යුතුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් හමුවෙන්න ආ බ්‍රිතාන්‍ය උප අගමැති පිටව යයි
01:03
Video thumbnail
ටිල්වින්ගේ ඉන්දීය සංචාරය කැබිනට් මාධ්‍ය හමුවේදි ඇදෙයි..නාමල් ගියෙත් එහෙමයි
01:27
Video thumbnail
අසාධාරණයට ලක් වූ තරුණයන් නාමල් රාජපක්ෂ හමුවෙයි
06:21
Video thumbnail
මත්තල හයිවේ එකේ දැඩි උණුසුමක්..මහින්ද හදපු මත්තල හයිවේ එකේ මේ ප###ලා යන්න දෙන්නෙ නෑ..
04:53
Video thumbnail
මහජන ආරක්ෂක ඇමතිතුමා දැන් රෙදි ග#වලා යන්න ඕනේ
13:46
Video thumbnail
රට හොරා කෑවේ විශ්‍රාමය අතේ තියාගෙන..වටගල කුපිත වී හොඳම එකෙන් කියයි
09:27
Video thumbnail
බණ්ඩාරණායකලාට දොස් කියාගෙන එන්න එපා - චාමර සම්පත්ට තදවෙයි
06:44
Video thumbnail
ගෙවල්වල බ#ලෝ නෑව්වෙත් හමුදා භටයින්..ආනන්ද විපක්ෂයට කට උත්තර නැතිවෙන්නම දෙසයි..
07:28
Video thumbnail
චාමර සම්පත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
03:50
Video thumbnail
සා/පෙළ විභාග අපේක්ෂකයින් වෙත විශේෂ දැනුම්දීමක්..වංචනික වැඩ කළොත් දඬුවම සැරයි
05:01


?