මුහුණු පොතෙන් අපහාස කළ දෙදෙනා පැහැරගෙන ලී කොට මත තබා ඇණ ගසලා

ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය හරහා අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඔවුන්ට අමානුෂික ලෙස වද දීමේ සිද්ධියක් පිළිබඳව බලගොල්ල පොලීසිය විසින් විමර්ශන ආරම්භ කර තිබේ.

ඒ අනුව, එම පුද්ගලයින් දෙදෙනාව නිවසට ගෙන්වා ගැනීමෙන් අනතුරුව අම්පිටිය ප්‍රදේශයට රැගෙන ගොස් කුරුසයේ තබා ඇණ ගසන ආකාරයට එම පුද්ගලයින් දෙදෙනාව ලී මත තබා ඇණ ගසා තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මෙම සිද්ධිය ඉකුත් 25වනදා සිදුව තිබෙන අතර පොලීසියට ලැබුණු තොරතුරක් මත සිදුකළ විමර්ශනවලදී සිද්ධිය අනාවරණය කරගෙන ඇත.

පොලීසිය අනාවරණය කරගත් තොරතුරු පරිදි මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු වන දුෂ්මන්ත නමැති 30 හැවිරිදි පුද්ගලයා අම්පිටිය සහ තවත් ප්‍රදේශයක දේවාලයක් පවත්වාගෙන යන අයෙකි.

මෙම සිද්ධියට සම්බන්ධ තිදෙනා මිත්‍රයින් බවද පොලීසිය කියයි.

මෙම සිද්ධිය සඳහා දේවාලය පවත්වාගෙන ගිය පුද්ගලයාට තවත් පිරිසක් සහාය දී ඇති බවද අනාවරණය වී ඇත.

ඔවුන් මේ වනවිට අතුරුදන්ව ඇති බවද අජිත් රෝහණ මහතා පවසයි.

සිද්ධියෙන් තුවාල ලැබූ පොල්ගොල්ල ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයා සහ කඩුවෙල බෝමිරිය පදිංචි 38 හැවිරිදි පුද්ගලයා මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.
 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?