මුස්ලිම් දේවස්ථානවලට දැනුම් දීමක්

නැවත දැනුම්දෙනතුරු මුස්ලිම් පල්ලිවල තරාවි හෙවත් රාමසාන් උපවාස සමයේ සිදුකරන විශේෂ යාච්ඤා, ජුම්මා යාච්ඤා කටයුතු මෙන්ම සභා කටයුතු තාවකාලිකව අත්හිටුවන ලෙස වකුෆ් සභාව දන්වා ඇති බව මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පවසනවා.

එසේම, හුදකලා ප්‍රදේශවල මුස්ලිම් පල්ලි සම්පූර්ණයෙන්ම වසා තැබිය යුතු අතර, සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩිව පිලිපැදිය යුතු බව ද වකුෆ් සභාව දන්වා තිබෙනවා.

කෙසේ වෙතත්, ජමාත් යාච්ඤා කටයුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ උපරිම 25 දෙනෙකුගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට ඉඩ පවතින බවටයි මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත්තේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?