“..මුලින්ම මැසේජ් එව්වේ.. පස්සෙ ඒ මාමා ….. පටන් ගත්තා..”

ඔන්ලයින් අධ්‍යාපනය ලැබීමට සිය 15 හැවිරිදි දියණියට මව විසින් මිලදී ගෙන තිබූ නවීන පන්නයේ ජංගම දුරකතනයට අසභ්‍ය වැකි ඇතුළත් කෙටි පණිවුඩ යවා පසුව දැරියට ලිංගික අතවර කළ බව කියන 40 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව මාරවිල මූලස්ථාන පොලිසිය සඳහන් කළා.

එක්දරු පියෙකු වන මොහු “චූන්පාන්” අලෙවිකරුවෙකු බවයි හෙළි වී ඇත්තේ.
මෙම සැකකාර පුද්ගලයා දැරියගේ මවගේ අනියම් සැමියා යි.

සිය දියණියගේ ජංගම දුරකතනය මව විසින් පරීක්ෂා කර බැලූ අවස්ථාවේ අසභ්‍ය වචන සහිත කෙටි පණිවුඩ තිබෙන බව දැක තිබෙනවා.

මේවා එවා ඇත්තේ අනියම් සැමියා බව දැනගත් දැරියගේ මව ඒ පිළිබඳව ඔහුගෙන් විමසූ අවස්ථාවේ ඔහු ඇයට (මවට) පහර දී ඇත් බව ද පොලිසිය සඳහන් කළා.

සැකකාර පුද්ගලයාගෙන් තමාට ලිංගික අතවර සිදුවී ඇති බව දැරිය පවසා තිබෙනවා.

මාරවිල පොලිස් බලප්‍රදේශයේ පදිංචි මේ කාන්තාව සිය දියණිය කළ ප්‍රකාශ මත පරීක්ෂණ පවත්වා අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

ශ්‍රීනාත් ප්‍රසන්න
ලංකාදීප..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?