spot_imgspot_img

මුල්ලේරියාවේ මියගිය දරුවාගේ සීයාට ඇප

මුල්ලේරියාව හල්බරාව ප්‍රදේශයේ වැඩ බිමකදී කුඩා දරුවෙකු මියයාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් එම දරුවාගේ සීයා ඇප මත නිදහස් කර තිබෙනවා.

ඔහුට රුපියල් ලක්ෂ 3 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත්තේ.

දරුවා අනතුරට ලක්වන අවස්ථාවේ මෙම පුද්ගලයා දරුවා බලා ගැනීමට වෙනත් අයෙකුට භාරදී අවමංගල්‍ය උත්සවයකට සහභාගී වීමට ගොස් තිබුණා.

ඔහු ඊයේ රාත්‍රී අත්අඩංගුවට ගනු ලැබුවේ දරුවාට රැකවරණය ලබා නොදීමේ චෝදනාව මතයි.

දරුවාගේ මරණය සම්බන්ධයෙන් අදාළ වැඩ බිමේ තණකොළ කපමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතව පසුවනවා.

ඔහු ප්‍රකාශ කර ඇත්තේ තණකොළ කපන යන්ත්‍රයේ තලය අත්වැරදීමකින් දරුවාගේ සිරුරේ වැදී බරපතල තුවාල සිදුවු බවයි.

මියගිය දරුවාගේ අවසන් කටයුතු අද තලාහේන පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?