Friday, December 6, 2024
Empty Ad
AFC Banner

මුලතිව් කෝවිල අසලින් හමු වූ මිනිස් අස්ථි පිලිබඳ අධිකරණයට වාර්ථාවක් ඉල්ලයි

මුලතිව් පුදුකුඩිඉරිප්පු ආනන්ද පුරම් ප්‍රදේශයේ ක්‍රිෂ්ණපුරම් හින්දු කෝවිල ආසන්නයේ ඉඩමකින් මිනිස් අස්ථි කොටස් හමු වූ ස්ථානයේ කැනීම් කොට අධිකරණයට වාර්ථාවක් ලබාදෙන ලෙසට මුලතිව් මහෙස්ත්‍රාත් ආර්ගසර්වනරාජා මහතා නියෝග කොට සිටියේය.

මුලතිව් මහෙස්ත්‍රාත්වරයා අදාල ස්ථානයේ ඊයේ (19) දින නිරීක්ෂණය කරමින් මහෙස්ත්‍රාත් පරික්ෂණය සිදුකරන ලද අවස්ථාවේදී මුලතිව් අධිකරණ වෛද්‍යවරයාට මෙලෙස අදාල අස්ථි පිළිබඳව අධිකරණ වෛද්‍ය වාර්ථාවක් ලබාදෙන ලෙසට නියෝග කොට සිටියේය.

පසුගිය 11 වනදා ක්‍රිෂ්ණපුරම් කෝවිල ආසන්නයේ පිහිටි ඉඩමක තිබූ කසල ගොඩක් තුල අදාල මිනිස් අස්ථි කොටස් තිබී හමුවී ඇති අතර අදාල ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් විසින් අස්ථි කොටස් පරික්ෂා කොට ඒ පිළිබඳව මුලතිව් අධිකරණයට දැනුම් දෙනු ලැබීය.

අනතුරුව පැවති වර්ෂාපතනය හේතුවෙන් අවස්ථා කිහිපයකදී අදාල ස්ථානයේ මහෙස්ත්‍රාත් පරික්ෂණ කටයුතු සිදුකිරීමට නොහැකිව කල්දැමුනු අතර ඊයේ දින මෙලෙස මහෙස්ත්‍රාත් පරික්ෂණය සහ කැනීම් කටයුතු සිදු විය.

කැනීම් සිදුකිරීමේදී තවත් අස්ථි කොටස් කිහිපයක් සහ රෝහල් උපකරණ රැසක් හමුවී ඇති බවට පරික්ෂණ සිදුකරන පුදුකුඩිඉරිප්පු පොලීසිය වැඩිදුරටත් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 LIVE | පාර්ලිමේන්තු සජීවී විකාශය 2024- 12 - 05
03:06:16
Video thumbnail
ගහන මඩ ගැන මාධ්‍ය ලොක්කන් ගෙන්නලා ජනපති අනතුරු අඟවයි
20:35
Video thumbnail
කළු ගඟට පැන්න පුද්ගලයා සොයා අරඹපු මෙහෙයුම මෙන්න
02:50
Video thumbnail
160ට බාන පොල් 200ට විකුණන හැටි - පොල් අයිතිකාරයාටවත් මෙච්චර ලාභයක් නෑ
11:01
Video thumbnail
කෝච්චියේ යද්දී බිම ඉඳන් සුද්දිගේ ෆෝන් එකට වැඩේ දීපු දෙන්නා බන්ධනාගාරයට
04:20
Video thumbnail
විදුලිසැර වැදී මිය ගිය දීඝ දන්තු වෙනුවෙන් සාංඝීක දානමය පිංකමක්
02:48
Video thumbnail
කොළඹ කොටුව රත් කළ ගින්නේ ඔබ නොදුටු දර්ශන මෙන්න
02:44
Video thumbnail
රත්නපුර නිවිතිගල වතුපිටිය රෝහලේ විරෝධතාවයක්
00:48
Video thumbnail
🔴| අද පාර්ලිමේන්තුවේ හොඳම ටික - 2024/12/04
53:15
Video thumbnail
ජාතික රෝහලේ වැඩ වර්ජනයක් / රෝහල් පොලීසියයි - බෙල්ලනයි පැටලෙයි - OIC ත්‍රීවිල් කාරයින්ගෙන් පගා ගන්නවා
08:21

?