spot_imgspot_img

මුදල් වංචා කළ සජබ නාගරික මන්ත්‍රීවරිය රිමාන්ඩ්

ආකර්ෂණීය පොළියක් ලබා දෙන බව පවසා රුපියල් එක් කෝටි දාහත් ලක්ෂයක (101,700,000) මුදලක් වංචා කල බවට ලැබුණු පැමිණිලි අනුව සැක පිට අත්අඩංගුවට ගත් කැස්බෑව නගර සභාවේ සමගි ජන බලවේගයේ හිටපු නාගරික මන්ත්‍රීවරිය ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

කැස්බෑව වැඩ බලන මහේස්ත්‍රාත් සුනේත්‍රා පෙරේරා මහත්මිය යි නියෝගය ලබාදුන්නේ.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ පිළියන්දල මකුළුදූව ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි කාන්තාවක්.

පක්ෂයේ විවිධ ව්‍යාපෘතිවලට මුදල් යොදවන බව සහ විවිධ මන්ත්‍රීවරුන්ගේ නම් භාවිත කර රුපියල් ලක්ෂ තුනේ සිට 25 දක්වා මුදල් ප්‍රමාණයක් පසුගිය 2022 වසරේ මාර්තු මාසයේ සිට මේ දක්වා වංචා කර ඇති බව ලැබුණු පැමිණිලිවලින් සනාථ වන බවයි පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කරමින් කියාසිටියේ.

සැකකාරියගේ වංචාවට හසුවූ කාන්තාවන් 11 දෙනෙකු පොලිසිය වෙත පැමිණිලි කර තිබූ බව සඳහන්.

මුදල් ලබාගත් බවට සඳහන් අත්අකුරින් ලියන ලද ලිපි සහ සැකකාරියගේ හැඳුනුම්පතේ ඡායාපිටපත් මුදල් ලබාදුන් පැමිණිලිකාරියන් වෙත ලබාදී ඇති බව පොලිසිය අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
6
+1
1
+1
0
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?