spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මුදල් අමාත්‍යාංශ ලොක්කන් කමිටුව හමුවට නොපැමිණීම ගැන කෝප් කමිටුවේ අප්‍රසාදය

ඊයේ (25) රැස්වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් කැඳවා තිබුණා.

එහිදී එම අමාත්‍යාංශයේ වගකිව යුතු නිලධාරීන් කෝප් කමිටුව හමුවට නොපැමිණීම සම්බන්ධයෙන් එම කමිටුවේ අප්‍රසාදය පළ වුණා.

කරුණු සාකච්ඡාවට ගැනීම සඳහා නිලධාරීන් කැඳවන විට පාර්ලිමේන්තුවට වගකියන අමාත්‍යාංශ ප්‍රධානීන් කාරක සභාව හමුවේ පෙනී සිටිය යුතු බව මෙහිදී අවධාරණය කෙරුණා.

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් 2003 අංක 3 දරණ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම්) පනතේ 10 වැනි වගන්තිය යටතේ නිකුත් කරන ලද 2023 වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව සලකා බැලීම සදහා රජයේ මුදල් පිළිබද කාරක සභාව රැස්වූ අවස්ථාවේ මෙම කරුණු සාකච්ඡා වුණා.

මුදල් අමාත්‍යාංශය විසින් 2023 ජූනි මස අවසන් වන විට මූල්‍ය තත්ත්වය මෙහිදී ඉදිරිපත් කරනු ලැබුවා.

මෙම වාර්තාවට අනුව, අයවැයේ ප්‍රාථමික ශේෂය 1% ක අතිරික්තයක් වුණා.

ප්‍රධාන වශයෙන් භාණ්ඩ හා සේවා මත වැට් බද්ද සැලකිය යුතු ලෙස ඉහළ යාමේ ප්‍රතිඵලයක් ලෙස ආදායම් එකතු කිරීම වාර්ෂිකව 41% කින් බිලියන 1,317 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පළමු අර්ධය සඳහා වියදම බිලියන 2,560ක් වූ අතර එය 40% ක වර්ධනයක් පෙන්නුම් කරනවා.

විශාලතම වැඩිවීම වී ඇත්තේ දේශීය පොලී වියදම වන අතර එය මේ වසරේ පළමු භාගයේ දී බිලියන 1,273 දක්වා 51% කින් ඉහළ යාමක්.

පැමිණ සිටි නිලධාරීන් විසින් ඉදිරිපත් කරන ලද සංඛ්‍යාලේඛන මත පදනම්ව රාජ්‍ය මූල්‍ය තත්ත්වය, ආර්ථික කාර්ය සාධනය ආදී කරුණු පිළිබඳව කමිටු සාමාජිකයින් විවිධ ප්‍රශ්න මතු කරනු ලැබුවා.

විශේෂයෙන් 2023 පළමු කාර්තුවේ සියයට 11.5 ක ආර්ථික සංකෝචනය සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු වුණා.

එවැනි තත්ත්වයන් සදහා බලපෑ හේතු සහ තවදුරටත් ආර්ථික පසුබෑම වැළැක්වීම සඳහා ගෙන ඇති නිශ්චිත ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී’කමිටුව විසින් ප්‍රශ්න කරන කළා.

එසේම ජනාධිපතිවරයාගේ ආර්ථික දැක්මට අනුකූලව 2048 වර්ෂය වන විට ළඟා කර ගැනීම සැලසුම්කරන අමාත්‍යාංශයේ තිරසාර සැලැස්ම පිළිබඳව ද කමිටුව විසින් වැඩිදුරටත් ප්‍රශ්න කර සිටියා.

නමුත් සංවර්ධිත රටකට ලඟාවීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැතිය ද අමාත්‍යාංශය සතුව ඒ වෙනුවෙන් නිවැරදි උපායමාර්ගික සැලැස්මක් නොමැති බව මෙහිදී හෙළිවුණා.

ප්‍රමාණවත් දත්ත සහ සංඛ්‍යාලේඛන සමඟ සූදානමකින් යුතුව කාරක සභාව හමුවේ පෙනි සිටීමේ අවශ්‍යතාව අවධාරණය කළ කමිටුව, තිරසාර ආර්ථික ඉලක්කයන් සාක්ෂාත් කර ගැනීම සඳහා නිලධාරීන් වඩාත් වගකීමෙන් සහනිසි දැක්මක් සහිතව කටයුතු කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Dasatha “පිටුවෙන් පිටුව” – LIVE | 2024-07-12
01:07:11
Video thumbnail
“මාකඳුරේ මධුෂ්ගෙන් සල්ලි ගත්ත හැම එකෙකුටම ඉන්න හම්බවෙන්නෑ”‍
02:40
Video thumbnail
🔴Live:ක්ලබ් වසන්ත බිළිගත් පාතාලයේ මීළඟ ඉලක්කය ලක්ෂ්මන් යාපා ද ? ආන්දෝලනාත්මක තර්ජනය ගැන සජීවී විකාශය
25:11
Video thumbnail
"ජනාධිපති අති විශිෂ්ඨ ජයග්‍රහනයක් කරනවා" #ranilwickremesinghe
04:16
Video thumbnail
🔴Live:ක්ලබ් වසන්ත බිළිගත් පාතාලයේ මීළඟ ඉලක්කය ලක්ෂ්මන් යාපා ද ? ආන්දෝලනාත්මක තර්ජනය ගැන සජීවී විකාශය
00:00
Video thumbnail
ජනාධිපතිවරණය වළක්වන්න ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සමක්
04:53
Video thumbnail
දසත සවස 6.25 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - DASATHA NEWS 6.25 PM LIVE | 2024-07-12 | Dasatha News
38:11
Video thumbnail
මල් ශාලාවට ලැබුණු තර්ජනාත්මක දුරකථන ඇමතුම පිළිබඳ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ අනාවරණය
04:56
Video thumbnail
පාලකයන්ට දේන්ඩ ඕනි හොඳම උත්තරය ලාල්කාන්ත කියයි #npp #lalkantha #jvp
07:42
Video thumbnail
" වැඩකට නැති නඩු පවරමින් ජනතාවගේ මනස අවුල් කරන්නේ මොකක් හෝ කුමන්ත්‍රණයක් නිසා"
06:33

?