මුජිබර් රහුමාන්ගෙන් හිස්වූ මන්ත්‍රී අසුනට AHM ෆවුසි පත් කරමින් ගැසට් නිවේදනයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්ගේ ඉල්ලා අස්වීමෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී අසුන සඳහා AHM ෆවුසි පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

සමගි ජන බලවේගය නියෝජනය කරමින් කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුර අපේක්ෂකයා ලෙස තරග කිරීම සඳහා පසුගියදා මුජිබර් රහුමාන් ඉල්ලා අස්වුණා.

අනතුරුව අදාළ මන්ත්‍රී ධුර පුරප්පාඩුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් මැතිවරණ කොමිසමට දැනුම්දෙනු ලැබුවා.

ඒ අනුව හිස් වූ මන්ත්‍රී අසුන වෙනුවෙන් AHM ෆවුසි පත් කරන බවට දැනුම් දෙමින් මැතිවරණ කොමිසම විසින් ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
4
අවුල් වගේ !
1
හරි හිනා !
1
හම්මෝ !
2
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
1
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?