මී කැඩීමට ගිය දෙදරු පියා වන අලියාට බිළි

අනුරාධපුර, උට්ටිමඩුව, සියඹලෑව රක්ෂිත‍යේ මී වද කැඩීමට ගිය පුද්ගලයෙක් ඊයේ (07) වන අලි ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ උට්ටිමඩුව, වන්නම්කුලම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30ක දෙදරු පියෙක් බවයි වාර්තා වන්නේ.

මෙම පුද්ගලයා තවත් තිදෙනෙකු සමඟ ඊයේ (07) දින සියඹලෑව රක්ෂිතයට මී වද කැඩීමට ගොස් තිබෙනවා.

එම අවස්ථාවේ දී පිටුපසින් පැමිණි වන අලියෙකු එකවරම මෙම පහරදීම සිදුකර ඇති අතර, එහිදී මෙම පුද්ගලයා ප්‍රහාරයට ගොඳුරු වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අනෙක් පුද්ගලයින් තිදෙනා දිවගොස් දිවි ගලවා ගැනීමට සමත්ව ඇති අතර, පසුව ඔවුන් ගම්මානයට ගොස් සිද්ධිය පිළිබඳව ගම්වාසීන්ට පවසා තිබෙනවා.

අනතුරුව ප්‍රදේශවාසීන් තිරප්පනේ පොලිසිය සහ වනජීවී නිලධාරීන් සමඟ පැමිණ, මියගිය පුද්ගලයාගේ සිරුර කැළෑව තුළ තිබී සොයාගත් බවයි වාර්තා වුණේ.

තිරප්පනය හදිසි මරණ පරීක්ෂකවරයා විසින් ස්ථානයේ පරීක්ෂණය සිදුකිරීමෙන් අනතුරුව මිය ගිය පුද්ගලයාගේ දේහය පවුලේ ඥාතීන් වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
1
+1
3
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?