මිහින්තලේ පොහොර සිද්ධියට තුනක් සැකපිට අත්අඩංගුවට

මිහින්තලේම රදන්කල්ල ප්‍රදේශයේ ගොවියන්ට බේදා දිමට ලබාදුන් යුරියා පොහොර මිටි 21 වෙනත් අයකුට වැඩි මිලට අලෙවි කිරිමට කටයුතු කළේ යැයි කියන ගොවි සංවිධානයේ සභාපති,භාණ්ඩාගාරික හා ඊට සම්බන්ධ බව කියන පුද්ගලයකු  අත්අඩංගුවට ගත්බව මිහින්තලය පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මිහින්තලේ එක්සත් ගොවි සංවිධානයේ සභාපති, භාණ්ඩාගාරික හා අයථා ලෙස පොහොර ගැනිම සදහා භාණ්ඩාගාරිකවරයාට මුදල් ලබාදුන් පුද්ගලයා ඇතුළු තිදෙනෙකි.

මරදන්කල්ල ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි ගොවියකු සිදුකළ පැමිණිල්ලක් මත ගොවි සංවිධානයේ සභාපතිවරයා ඇතුළු මෙම පුද්ගලයන් තිදෙනා පොලිසියට කැදවා සිදුකළ විමර්ශණයකින් පසුව මොවුන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබුණි.

තමන්ට ලැබිය යුතු පොහොර වෙනත් පුද්ගයකු විසින් ව්‍යාජ ලෙස අත්සන් කොට ලබාගෙන ඇති බවට මෙම පුද්ගලයා විසින් පොලිසියට සිදුකළ පැමිණිල්ලේ සදහන්ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?