Indian Premier League

මිස්බා උල් හක්ට යළිත් පාකිස්ථාන ක්‍රිකට් ආයතනයෙන් ඇරයුමක්

පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පුහුණුකරු වන මිස්බා උල් හක්ට යළිත් පාකිස්ථාන ක්‍රිකට් ආයතනය හා එක්ව රාජකාරි කිරීමට ඇරයුම් ලැබී තිබෙනවා.

ඒ, අනුව ඔහු පාකිස්ථානු ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් පිහිටවනු ලබන ක්‍රිකට් කමිටුවේ ප්‍රධානියා ලෙස කටයුතු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මෙම තනතුරේ කටයුතු කිරීමේ දී ඔහු වැටුපක් හෝ වෙනත් කිසිඳු වරප්‍රසාදයක් ලබා නොගැනීමට තීරණය කර ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

මිස්බා උල් හක්, වත්මන් පාකිස්ථානු ක්‍රිකට් පාලක මණ්ඩල සභාපති සකා අෂ්රෆ්ගේ උපදේශකවරයා ලෙස ද කටයුතු කරනු ලබනවා.

2019 වසරේ දී පාකිස්ථාන ක්‍රිකට් ප්‍රධාන පුහුණුකාර ධුරයෙන් මිකී ආතර් ඉවත්වීමත් සමඟ එම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස මිස්බා සිය රාජකාරී ආරම්භ කළා.

එමෙන්ම ඔහු ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන විට ආතර් යටතේ ක්‍රීඩා කර ඇති අතර, එම කාලය තුළ පාකිස්ථානය ලොව ශ්‍රේණිගත කිරීමවල පෙරමුණ ගෙන සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?