spot_imgspot_img

මිලියන 27ක කේරළ ගංජා නාවික හමුදා භාරයට

රුපියල් මිලියන 27කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් උතුරු මුහුදේ දී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

නාවික හමුදාව යාපනය, ඩෙල්ෆ්ට් මුහුදු ප්‍රදේශයේ සිදුකළ මුර සංචාරයකදී යි මෙම කේරළ ගංජා කිලෝග්‍රෑම් 83 කට අධික තොගයක් සොයාගෙන ඇත්තේ.

උතුරු නාවික විධානයේ රණවික්‍රම නෞකාව මඟින් ඩෙල්ෆ්ට් මුහුදු ප්‍රදේශයේ මෙම මෙහෙයුම සිදු කර තිබුණා.

නාවික හමුදා මෙහෙයුම් හමුවේ ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව ජාවාරම්කරුවන් විසින් එම මුහුදු ප්‍රදේශයේ අතහැර දමා යන්නට ඇතැයි සැකකෙරෙන පාර්සල් 22ක අසුරන ලද කේරළ ගංජා කිලෝ 83 ග්‍රෑම් 200 ක පමණ තොගයක් මෙලෙස නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 27කට අධික වෙතැයි විශ්වාස කෙරෙන අතර, එම කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සිදුකරන තෙක් නාවික හමුදා භාරයේ සුරක්ෂිතව තබා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?