මිලියන 226 කට අධික මුදල් වංචා කිරීමේ චෝදනාවකට කාන්තාවක් රිමාන්ඩ්

මුදල් සහ රන් භාණ්ඩ වංචා කළ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ තිළිණි ප්‍රියමාලි නමැති කාන්තාවක මෙම මස 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ සැකකාර කාන්තාව කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

රුපියල් මිලියන 226 කට අධික මුදල් සහ රන් භාණ්ඩ වංචාකළ සාපරාධී සාවද්‍ය පරිහරණය කළ බවට ඇයට චෝදනා එල්ලවී තිබේ.

ඇය ඊයේ දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබු අතර ඉන් පසුව අද (06) අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුවා.

විදේශ රටවල මුදල් තැන්පතු සහ තවත් ව්‍යාපාරවල මුදල් තැන්පත් කිරීම වෙනුවෙන් ලාභදායි මුදල් ලබාදෙන බවට පවසමින් ඇය කොළඹ ප්‍රදේශයේ ආයතනයක් පවත්වාගෙන ගොස් ඇති අතර කෝටිපති ව්‍යාපාරිකයින්, වෛද්‍යවරුන් ඇතුළු සමාජයේ පිළිගත් පුද්ගලයින් රැසක් ඇයගේ ආයතනයෙහි මුදල් තැන්පත් කර ඇති බවද වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
15
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?