මිදිගම හෝටල් හිමිකරුට වෙඩි තැබීමට පැමිණි මෝටර් රථය හමුවෙයි

වැලිගම මිදිගම ප්‍රදේශයේ හෝටල් හිමිකරුවෙකුට වෙඩි තැබීමට සැකකරුවන් පැමිණි මෝටර් රථය සොයාගෙන තිබෙනවා.

ඒ අහංගම පණුගල්ගොඩ ප්‍රදේශයේ ක්‍රීඩාංගණයක් අසල අත්හැර දමා ගොස් තිබියදීයි.

පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද මෙම මෝටර් රථය සොයාගෙන ඇතැයි සඳහන්.

මෙම මෝටර් රථය මාතර පාලටුව ප්‍රදේශයේ කුලී රථ සේවා සපයන ආයතනයකින් පසුගිය 14 වනදා ලබාගෙන තිබූ අතර එය ඊයේ (29) භාර දීමටයි නියමිතව තිබී ඇත්තේ.

එය කුලී පදනම මත ලබාගත් පුද්ගලයන් කවුරුන් ද යන්න සොයා මිදිගම පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?