මිද්දෙණිය පොලිස් වසමේ ගල්වාඩිය පාසල අසලදී ජූලම්පිටිය දෙස සිට ගල්වාඩිය දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැන් කණුවක ගැටී අනතුරක් සිදුව
ඇත.
අනතුරින් යතුරුපැදිකරු හා පසුපැදිකරු බරපතල තුවාල ලබා කටුවන රෝහලට ඇතුලත් කර වැඩිදුර ප්රතිකාර සඳහා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පැදිකරු මියගොස් තිබෙනවා.
මරණකරු වයස අවුරුදු 32 ක් වූ ජූලම්පිටිය ප්රදේශයේ පදිංචිකරුවෙකි.
මෘත ශරීරය ඇඹිලිපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ
මිද්දෙණිය පොලිසිය වැඩිදුර චිමර්ශන සිදුකරනු ලබයි.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
2
+1
1
+1
+1
1