මිතුරාගේ නිවසේ අනියම් ඇසුරේ සිටි යුවළක් එකටම අවසන් ගමන් යයි

හුංගම පොලිස් වසමේ වාඩිගල, රන්න ප්‍රදේශයේ නිවසක් තුළ අද (07) අලුයම් කාලයේදී පුද්ගලයෙක් හා කාන්තාවක් කපා කොටා ඝාතනය කිරීමේ පුවතක් වර්තාවනවා.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 28 ක් වූ රන්න ප්‍රදේශයේ සහ තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය පවසන්නේ.

මියගිය තරුණයා තම මිතුරෙකුගේ නිවසේ සිය අනියම් බිරිඳ සමඟ රැඳී සිටියදී මුහුණු ආවරණය කරගත් පස් දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් නිවසට ඇතුළු වී තියුණු ආයුධ වලින් පහරදී මොවුන් දෙදෙනා ඝාතනය කර තිබෙනවා.

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර හුංගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
18
+1
4
+1
3
+1
2
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?