මැර ප්‍රහාරයක් එල්ල කල බවට බද්දේගම ප්‍රා.සභාපතිගේ සම්බන්ධිකාරකවරයෙකුට චෝදනා (ඡායාරූප)

බද්දේගම ප්‍රාදේශීය සභාවේ සභාපතිගේ සම්බන්ධිකාරකවරයෙකු ඇතුළු පිරිසක් තම නිවසට පහර දුන් බව පවසමින් බද්දේගම ඉදිගස්කැටිය ප්‍රදේශයේ පදිංචි කරුවෙක් බද්දේගම පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

පෙරේදා රාත්‍රී එල්ලවූ මෙම ප්‍රහාරයෙන් නිවසේ සිටි වයස අවරුදු 65 ක පුද්ගලයෙකු තුවාල ලබා ඇති අතර නිවසටද හානි සිදුවී තිබෙනවා.

ප්‍රාදේශීය සභාවේ අනුමැතිය මත තමන් නිවස ඉදිරිපිට තාප්පයක් ඉදිකළ බවත් එම තාප්පය ඉදිකිරීමේදී සිය නිවස ඉදිරිපිටම පදිංචිව සිටින අදාළ සම්බන්ධිකාරකවරයා විරෝධය පලකල බවත් එම විරෝධය නොතකා තමන් බැම්ම ඉදිකළ බවත් පැමිණිලිකරු පවසනවා.

ඔහු පවසන්නේ මෙම ආරවුල මුල් කරගනිමින් අදාල පිරිස පෙරේදා රාත්‍රී නිවසට පැමිණ පහරදුන් බවයි.පහරදීමට සම්බන්ද කිසිවෙකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.

මේ සම්බන්දයෙන් බද්දේගම පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් දසත කල විමසීමකදී ඔහු පැවසුවේ අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ සිදුකරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?