මැරෙන්න බලාගෙන ජෝඩුවක් මහවැලියට පනී

මහියංගනය පාලම මතින් පිරිමි පුද්ගලයෙකු සහ තරුණියක් මහවැලි ගඟට පැන තිබේ.

කෙසේ වෙතත් අනතුරුව ගඟට පැන ඇති පිරිමි පුද්ගලයා පිහිනා ගොඩට පැමිණ ඇති බව වාර්තා වෙයි.

පසුව ඔහු ප්‍රතිකාර සඳහා රෝහල්ගතකර තිබේ.

අනතුරුව මහියංගනය පොලිසියේ නිලධාරීන් පැමිණ අතුරුදන් වූ තරුණිය සොයා විමර්ශන ආරම්භ කර ඇත.

පොලිසිය පවසන්නේ මෙලෙස අතුරුදන් ව ඇත්තේ රිදීමාලියද්ද ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණියක් බවය.

ඊයේ උදෑසන ඇය උපකාරක පන්තියකට සහභාගී වන බව පවසා නිවසින් පැමිණ ඇත.

සිද්ධිය ඇසින් දුටු පුද්ගලයෙකු පැවසුවේ තරුණිය ගඟට පැන්න බවත් ඒ එක්කම පිරිමි පුද්ගලයා ද ගඟට පැන්න බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?