spot_imgspot_img

මැතිසබයේ වෙන වැඩ සමාජ මාධ්‍යට මුදාහැරියොත් වැඩ වරදියි – කථානායකගෙන් දැඩි තීරණයක්

පාර්ලිමේන්තු සභාගර්භය තුළ ජංගම දුරකථන හෝ විද්‍යුත් උපකරණ භාවිතයෙන් පටිගත කිරීම සහ ඒවා විද්‍යුත් මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය වෙත මුදාහැරීම කිසිම් අවස්ථාවක සිදුකිරීමට අවසරයන් නොමැති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන අද (21) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

මින් ඉදිරියට කිසිවෙකු හෝ එවැනි ආකාරයෙන් කටයුතු කළහොත් ඒ සම්බන්ධයෙන් වින්‍යානුකූල පියවර ගන්නා බව ද කථානායකවරයා මෙහිදී දැනුම් දෙනු ලැබුවා.

මේ අතර විපක්ෂනායකවරයා ප්‍රශ්නයක් අසන අවස්ථාවේ දී ඊට බාධා කළ සනත් නිශාන්ත ඇතුළු ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට එරෙහිව වින්‍යානුකූල පියවර ගන්නා ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල කථානායකවරයාගෙන් ඉල්ලා සිටියා.

ඊට පිළිතුරු ලබාදෙමින් කථානායකවරයා පැවසුවේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?