මැතිවරණ රාජකාරි දේශපාලනීකරණය වීමේ කුමන්ත්‍රණයක් පිළිබඳ ග්‍රාම නිලධාරි සංගමය හෙළිකරයි

මැතිවරණ රාජකාරී වලින් ග්රාම නිලධාරීන් ඉවත් කිරීමට උත්සාහ කිරීම හරහා එම කටයුතු දේශපාලනීකරණය වීමේ බරපතළ කුමන්ත්‍රණයක් පිළිබඳ සැකයක් උද්ගතව පවතින බව ශ්රී ලංකා ග්රාම නිලධාරීන්ගේ සංගමයේ ජාතික සංවිධායක නෙවිල් විජයරත්න පවසයි.

මහනුවර 14 දින පැවති මාධ්ය හමුවකදී අදහස් පල කල ඒ මහතා කියා සිටියේ මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා බරපතළ අසත්යය ප්රකාශ සිදුකරමින් රටේ ජනතාව නොමඟ යවමින් කටයුතු කිරීම ශ්රී ලංකා ග්රාම නිලධාරී සංගමය වශයෙන් අප්රසාදයෙන් යුක්තව හෙළාදකින බවය.මෙහිදී තවදුරටත් අදහස් පළ කළ ඒ මහතා මෙසේද කීය. මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා මාධ්ය හමුවේ සඳහන් කරනවා ග්රාම නිලධාරීන්ට ඡන්ද හිමිකම් ගණන් ගැනීමේ කටයුතු භාර දුන්නේ අප්රේල් මාසයේ කියලා. ඒක මහ බොරුවක්. ඡන්ද ගණන් ගැනීම පිළිබඳ පුහුණු පන්ති ග්රාම නිලධාරීන්ට පැවැත්වුණේ අප්රේල් මාසයේ තමයි. එතකොට කොහොමද ඒ කටයුතු කරන්නේ. මැතිවරණ දෙපාර්තමේන්තුවට එහෙනං තිබුනේ මේ පුහුණු පන්ති පෙබරවාරි මාසයේ පවත්වන්නයි. ඒ අය ඒ කටයුතු පමා කරලා දැන් අපේ පිට වැරදි පටවන්න හදනවා.

ග්රාම නිලධාරීන් තමයි ඉතිහාසයේ මුල සිටම මේ මැතිවරණ රාජකාරි කටයුතු කළේ. ග්රාම නිලධාරීන් තමයි මහජනතාව සමග බිම් මට්ටමේ රාජකාරි කරන රාජ්ය නිලධාරියා. ග්රාම නිලධාරීන්ට දේශපාලන අයිතිය නැහැ. ස්වාධීනව තමයි කටයුතු කරන්නේ. ඡන්ද හිමියන් ගණන් ගැනීම, මැතිවරණ රාජකාරි, ඡන්ද ප්රකාශ කිරීම වගේම මැතිවරණයට අදාළ අනිකුත් රාජකාරි සියල්ල කළේ ග්රාම නිලධාරීන් විසින්. නමුත් මේ කටයුතු සඳහා ග්රාම නිලධාරීන් අවශ්ය නෑ කියන තර්ජනය මීට කලින් පවා අපට කරල තියනව. අපි දේශපාලන පක්ෂ වලින් වගේම මැතිවරණය සඳහා උනන්දුව දක්වන සියලුම කණ්ඩායම්වලින් ඉල්ලා සිටිනවා මේ ඡන්ද හිමියන් ගණන් ගැනීමේ ක්රියාවලිය පිළිබඳ විශේෂ අවධානය යොමු කරන්න කියලා. නැත්නම් මේකත් සම්පූර්ණයෙන් දේශපාලනීකරණය වෙයි කියන සැකය අපට තියෙනවා.

ඡන්ද හිමි නාමලේඛන යථාවත් කිරීමේ කටයුතු පටන් ගත්තේ මාස තුනක් පහුවෙලා. ඒ නිසයි අපි කිව්වේ මාසයක් ඇතුළත මේ කටයුතු සම්පූර්ණ කරන්න බෑ. අපට අමතර දවස් විස්සක් දෙන්න කියලා. එහෙම නැතුව අපි දීමනා හෝ විශේෂ දෙයක් ඉල්ලුවේ නෑ. අමාරුකම් රැසක් මධ්යයේ තමයි අපි මේ කටයුතු කරන්නේ. ග්රාම නිලධාරීන් 14.000 ක් සිටිය යුතු වුවත් ඉන්නේ 9.000 ක් පමණ පිරිසක්. බොහෝ නිලධාරීන්ට වසම් දෙකක් ආවරණය කරන්න වෙලා. මේ ගැන තමයි අපි කිව්වේ. ශ්රී ලංකා ග්රාම නිලධාරීන්ගේ සංගමය වසයෙන් මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයාගේ ප්රකාශ අප්රසාදයෙන් හෙළා දකිනවා. අපි නැවත වරක් එතුමාගෙන් ඉල්ලා සිටින්නේ බරපතළ අසත්ය ප්රකාශ කරමින් ජනතාව මුලා කරන්න එපා කියලයි යනුවෙන්ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්මලා, තාත්තලා තමයි දරුවන්ගේ හිත්වලට වි#ෂ පොවන්නේ
05:28
Video thumbnail
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිසා ස්ටාලින්ට රතු කට්ට පනී
14:27
Video thumbnail
කොළඹ 07 නෝනලාට සත්ත්ව කරුණාව මතක් වෙන්නේ දළදා පෙරහැර කාලයට විතරයි
06:05
Video thumbnail
සබදු අපි කදු නොවෙමු උනුන් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු එකම ගගක ගලන|දැවෙන සිතට දම් සිසිලක් සජීවීව🔴
01:33:09
Video thumbnail
අර නිවාස ඇමතිට සෙල්ලම් ගෙයක්වත් හදන්න බෑ
03:26
Video thumbnail
ආණ්ඩුව උදව් කරන්න ගිය අපිට කා#ලකණ්නි කියලා කිව්වා
06:43
Video thumbnail
සජිත්ට බස් මෑන් කියපු එවුන්ට අද වැසිකිළියක්වත් හදාගන්න බෑ
13:11
Video thumbnail
මාලිමාවට ඡන්දේ දුන්නේ බුදු දහම අතුගාලා දාන්න නෙමෙයි
09:12
Video thumbnail
මාලිමාවේ සෙට් එකත් රාජ්‍ය සම්පත් අවභාවිතා කරලා..?
02:49
Video thumbnail
මුස්ලිම් පල්ලියක් ඇතුළේ සිදුවුණු කැත වැඩක් - මාධ්‍යවේදියෙක්ට පල්ලියක් ඇතුළේ කරපු දේ
01:58


?