මැතිවරණ කොමිසම සහ දේශපාලන පක්ෂ 23 වනදා විශේෂ සාකච්ඡාවක

පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාරදී ඇති ප්‍රධාන දේශපාලන පක්ෂ සහ මැතිවරණ කොමිෂන් සභාව අතර
විශේෂ සාකච්ඡාවක් ලබන 23 වනදා පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව ඊයේ (16) රැස් වූ අවස්ථාවේ දී මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වුණේ.

ඒ, අනුව ඉදිරි දිනවලදී ඒ පිළිබඳව දේශපාලන පක්ෂ දැනුවත් කිරීමට නියමිත බව සඳහන්.

මේ අතර, 2021 වර්ෂයට අදාළ ගිණුම් ප්‍රකාශ මෙතෙක් භාර නොදුන් දේශපාලන පක්ෂවලට දින 14ක් ඇතුළත එම ගිණුම් ප්‍රකාශ භාරදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දුන්නා.

ඒ, අනුව ඊයේ (16) දින සිට දින 14ක් ඇතුළත එම ගිණුම් ප්‍රකාශ භාරදිය යුතු වනවා.

එම නියෝගය කඩ කරන දේශපාලන පක්ෂ පිළිගත් දේශපාලන පක්ෂක් ලෙස පිළිගැනීම සහ පක්ෂවලට ඇති හිමිකම් අවසන් කිරීමටයි මැතිවරණ කොමිසම තීරණය කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
0
හරි හිනා !
1
හම්මෝ !
1
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?