මැතිවරණ කොමිසම තුළ බෙදීමක් නැහැ – ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අධිකරණයට කියයි

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සාමාජිකයින් අතර කිසිදු බෙදීමක් නොමැති බව එම කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියා.

පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමීමෙන් නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා විශ්‍රාමික යුධ හමුදා කර්නල් වරයා ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලූ අවස්ථාවේ දී යි මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා මෙම දැනුම් දීම සිදු කළේ.

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සාමාජිකයින් අතර බිඳීමක් පවතින බව ඇතැම් පාර්ශව ප්‍රකාශ කළත් එවැනි බෙදීමක් නොමැති බව ජනාධිපති නීතිඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අවධාරණය කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
1
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
1
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?