මැණික් ගන්න ගිය දෙදෙනාගේ දේපළ කොල්ලකෑ 3ක් අත්අඩංගුවට

ලක්ෂ ගණනක් වටිනාකමකින් යුත් මැණික් ගල් කිහිපයක් විකිණීමට ඇති බවට වට්ස්ඇප් මගින් ඡායාරූප යවා ඒවා මිලදී ගැනීමට පැමිණි දෙදෙනෙකු බිය ගන්වා සිරකර ගෙන ඔවුන් සතු දේපළ කොල්ලකෑ බව කියන යුධ හමුදා සෙබළෙකු ඇතුළු තුන්දෙනෙකු ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් තමන් යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් බව පවසා මෙම කොල්ලය සිදු කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

අත්අඩංගුවට පත් සැකකරුවන් ගිරාඳුරුකෝට්ටේ සහ ගින්නෝරුව යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 25, 30 සහ 34 හැවිරිදි පිරිසක්.

34 හැවිරිදි සැකකරු වව්නියාව ප්‍රදේශයේ යුධ හමුදා කඳවුරක සේවයේ යෙදී සිට රාජකාරි කරන අයෙකු බවට පොලිසිය අනාවරණ කරගෙන තිබෙනවා.

පසුගිය 10 වනදා මීගමුව සහ අනුරාධපුර යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් දෙදෙනෙකු පෙර දැනුම්දීමක් මත මෙම මැණික් ගල් මිලදි ගැනීමට මහියංගණය වෙත පැමිණීමෙන් අනතුරුව සැකකරුවන් ඔවුන් දෙදෙනාට දුරකථන ඇමතුමක් ලබාදී ඇතැයි සඳහන්.

එම දුරකථන ඇමතුම ගත් සැකකරු මෙම පුද්ගලයන් දෙදෙනා ගිරාඳුරුකෝට්ටේ නගරයට ගෙන්වා ගෙන මැණික් ගල් ඇත්තේ සුනිල් මාමා නමැත්තෙකුගේ නිවසේ බව පවසා එම නිවසට කැඳවා ගෙන ගොස් තිබුණා.

එහිදී ප්ලාස්ටික් බෝතලයක තිබූ මැණික් බවට පැවසු ගල් දෙකක් පෙන්වා ඇති බවටයි පොලිසියට කරුණු හෙළිවී ඇත්තේ.

එම ගල් පරීක්ෂා කරමින් සිටියදී තමන් යුද හමුදා බුද්ධි අංශයේ සාමාජිකයන් බව පවසා කඩා පැන ඇති අනෙක් සැකකරුවන් මෙම පුද්ගලයන් දෙදෙනා බිය කර දණ ගස්වා පහරදී ඔවුන් සතුව තිබූ යතුරුපැදියේ යතුර සහ ලිය කියවිලි, මුදල් පසුම්බි සහ ජංගම දුරකථන පැහැරගෙන තිබුණා.

අනතුරුව මැණික් මිලදී ගැනීමට ගෙනා මුදල් ඉල්ලා දින කිහිපයක් තැන් තැන්වලට රැගෙන යමින් සිට ඇති මුදල් රැගෙන නොආ බව පැවසීමෙන් පසු නිවෙස්වලට කතාකර මුදල් ගෙන්වා ගන්නා ලෙසටයි ඔවුන්ට බල කර ඇත්තේ.

ඊට ද ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් පසුගිය 12 වනදා රාත්‍රී 12ට පමණ තමන් දෙදෙනාව මහියංගණය නගරය වෙත ගෙනැවිත් දැමූ අතර අක්කරෙයිපත්තු සිට මීගමුව බලා යැමට පැමිණි බස් රථයේ නැගී මීගමුවට පැමිණි බව ද ඔවුන් පොලිසිය වෙත අනාවරණය කර තිබෙනවා.

පසුව යතුරුපැදිය රැගෙන යාමට ගිරාඳුරුකෝට්ටේ පොලිසිය අසලට පැමිණෙන ලෙසට මැණික් මිලදී ගැනීමට ගිය දෙදෙනාට සැකකරුවන් දැනුම්දීමක් කර තිබූ බව සඳහන්.

තමන් එලෙස නොගොස් ඊයේ (15) මේ පිළිබඳ ගිරාඳුරුකෝට්ටේ පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවයි ඔවුන් ප්‍රකාශ කළේ.

අනතුරුව තමන්ව රඳවා ගෙන සිටි බව කියන නිවසක් පොලිසියට පැමිණිලිකරුවන් විසින් පෙන්වා ඇති අතර එම නිවස මීට පෙර එම පොලිස් බල ප්‍රදේශයේ සිදුවු අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකුගේ නිවසක් බව පොලිසිය හෙළි කරගෙන තිබෙනවා.

ඒ අනුව මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තුන්දෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සතුව තිබී පැහර ගත් බව කියන යතුරුපැදිය, එහි ලිය කියවිලි, බැංකු කාඩ්පත්, මුදල් පසුම්බි සහ ජංගම දුරකථන ද සොයාගත් බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහජන ආරක්ෂක ඇමතිතුමා දැන් රෙදි ග#වලා යන්න ඕනේ
13:46
Video thumbnail
රට හොරා කෑවේ විශ්‍රාමය අතේ තියාගෙන..වටගල කුපිත වී හොඳම එකෙන් කියයි
09:27
Video thumbnail
බණ්ඩාරණායකලාට දොස් කියාගෙන එන්න එපා - චාමර සම්පත්ට තදවෙයි
06:44
Video thumbnail
ගෙවල්වල බ#ලෝ නෑව්වෙත් හමුදා භටයින්..ආනන්ද විපක්ෂයට කට උත්තර නැතිවෙන්නම දෙසයි..
07:28
Video thumbnail
චාමර සම්පත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
03:50
Video thumbnail
සා/පෙළ විභාග අපේක්ෂකයින් වෙත විශේෂ දැනුම්දීමක්..වංචනික වැඩ කළොත් දඬුවම සැරයි
05:01
Video thumbnail
අම්මපා කටක් ඇරලා කියන්න පුළුවන් ද.. බුදු දෙයියනේ
11:35
Video thumbnail
"එන්න කියලා ආරාධනාවක් තිබ්බා"හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා FCIDයට
01:44
Video thumbnail
සජිත් - හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි..ඔච්චර රජය ජනප්‍රියයි නම් පළාත් සභා මැතිවරණය තියන්න..
10:10
Video thumbnail
හරිනි මෙහෙම ඔලොමොට්ටල වැඩ කරයි කියලා හිතුවේ නෑ
04:01


?